'ඇල්ල උඩ ඇල්ල'හෙවත් 'මලංකන්ද' ඇල්ල පිහිටා ඇත්තේ ප්රාග් ඓතිහාසික මානවයාගේ වාසස්ථානයක් බවට දෙස් විදෙස් විද්වතුන්ගේ සම්භාවනාවට පාත්ර ව ඇති බටදොඹ ලෙනට නුදුරිනි.මේ අනුව, දිය ඇල්ල ආශ්රිත භූමි ප්රදේශය ද ආදි මානවයාගේ නිරන්තර ඇසුරට ලක් වු පෙදෙසක් ලෙස සැලකිය හැකිය.කොළඹ රත්නපුර මාර්ගයේ පණුකැරූපිටිය මන්සන්දියෙන් වමට හැරී කිලෝ මීටර් 3 1/2ක් පමණ මග ගෙවා ගිය විට හමුවන ඇල්ලේ උඩ ග්රාමයේ,නිම්මහවෙල වතුයායේ මෙම අති රමණිය දිය ඇල්ල පිහිටා තිබේ.මලංකන්ද විද්යාලයට කිලෝ මීටර් 1/2ක් පමණ දුරින් පිහිටි දිය ඇල්ල නැරඹීමට යායුතුව ඇත්තේ මලංකන්ද දොළ තරණය කීරීමෙනි.එය තරමක දුෂ්කර වුවත් ආශ්වාද ජනක ගමනකි. දිය ඇල්ලේත් ගම්මානයේත් පිහිටීම ද විශේෂත්වයක් උසුලයි.ගම්මානය පිහිටා ඇත්තේමේ මනරම් දිය ඇල්ලට ඉහළිනි.එම ග්රාමයට 'ඇල්ලේඋඩගම'යන පටබැදි නාමය ලැබුනේ මෙම සුවිශේෂී පිහිටීම පදනම් කොට ගෙනය.මෙම දිය ඇල්ල පිහිටා ඇති ස්ථානය අසල අගනා පුරාවස්තු රැසක් තැන්පත්ව ඇති බවට විශ්වාසයක් පවතී.මෙම දිය ඇල්ල දෙසින් ගුප්ත දෝන් කාරයක් දැනුදු ඉදහිට ඇසෙන බව දිය ඇල්ල ආශ්රිතව වෙසෙන ගම්මු පවසති.මේ ගුප්ත අදෝනා හඩ ආදිමානවයාගේ ආත්මය විසින් අදෘශ්යමාන ව නගන්නා වු හඩේ ප්රතිරාවයක්ද?එසේත් නැතිනම් අවට නිදන්ගත ව ඇති පුරාවස්තු රක්නා භෛරව ආදි අමුනුෂ්යයන්ගේ බිය ගෙරවිලි ශබ්ද වල රාව ප්රතිරාවද?
දිය ඇල්ලට තරමක් ඉහලින් කුඩාවන රොදක් මැද පිහිටා ඇති ජලාවාටයද ගුප්ත බිය දනවන සුළුය.එක්තරා ඈත දිනක මෙම ජලාවාටය තුළ කිඹුලෙකු මැරී සිටිනු දක්නට ලැබුණු බවත් ,ඉක්බිති එම ජලාවාටය 'කිඹුලුවල'නම්න් ව්යවහාරයට පැමිණි බවත් තතු දන්නෝ පවසති.උසින් අඩි 65ක්ද පළලින් අඩි70ක් ද වන මහල් දෙකකින් සමන්විත ව කඩා හැලෙන දර්ශනීය දිය ඇල්ලකි.වැසි සමයේදී මෙම දිය ඇල්ල වඩාත්චමත්කාර ජනක වන බව ගම්මු පවසති.අවට ජීවත්වන ගැමි ජනතාව අතර ඉමහත් ප්රසාදයට පත්ව ඇති මෙම සුන්දර දිය ඇල්ල තවමත් දුෂණයට ලක් නෙවී පවතින්නකි.මෙම දිය ඇල්ලෙන් එක දිගට ගලා බස්නා මහා ජලකද මගලා දොළ හෙවත් මලංකන්ද දොලට එක්ව ,පසුව මා දොළ සමග පැමිණ කහංගම ප්රදේශයෙන් කළුගගට එක් වෙයි.හරිත වර්ණ 'ඇහැටුල්ලා'නම් වු සර්ප වීශේෂය බහුලව වෙසෙන මෙම දිය ඇල්ල ඇසුරින් ,දැනට ප්රදේශවාසීන්ගේ ජන අවශ්යතා සපුරාලනු පිණිස,ප්රජා ජල ව්යාපෘතියක්ද පටන් ගෙන ඇත.
Wednesday, 31 December 2008
Thursday, 18 December 2008
සබරගමුව නාමය පිළිබදව විවිධ මත.
'සපරගමුව'හැදින්වීම සදහා 'සපරගමු',යන දෙවදන්ම අඩු වැඩි වශයෙන් පැරණි ලේඛණවල යෙදී ඇත.මේ ප්රදේශය හැදින්වීමට ඒ නම යෙදීමේ හේතුව වශයෙන් විවිධ මත ඇති වී තිබේ.එයින් ප්රධාන මත පහක් මෙහි ලා කෙටියෙන් දැක්වීම සුදුසු යැයි හැගේ.
1.'සබර යනු වැද්දන් උදෙසා යෙදෙන පදයකි.මේ ප්රදේශයේ බහුල වශයෙන් වාසය කළ වැසි ජනයා නිසා 'සබර ගමු'වීය.හය ම 'සපරගමු'ලෙස ව්යවහාර වීය,යනු මින් පළමුවන අදහස වේ.
2.අතීතයෙහි සිට මේ රට ග්රීක් රට සමග සම්බන්ධතා පැවැත්විණි.මේ නිසා,මේ ප්රදේශයේ බහුලව දක්නට ලැබෙන නිල්මැණික් හදුන්වන,ග්රීක භාෂාවේ සෆිරෝස් (sappheiros)යන වචනය අනුව 'නිල්මැණික් බහුල පෙදෙස'යන අර්ථයෙන් 'සපරගමු'වීය,යනු දෙවන මතයයි.
3.මේ ප්රදේශයේ ජලාශවල 'පෙටියන්'(සඵර)බහුල වීම නිසා 'සපර'වීය යනු තෙවන මතයයි.
4.මේ ප්රදේශයේ වනාන්තර වල 'ලොත්'(සබර)ගස් බහුල වීම නිසා මේ නාමය වීය ,යනු සිව්වන මතයයි.
5.'සරබගමුව-සබරගමුව 'විය.'සරබ'යනු වෙළෙන්දෝය.මෙහි මැණික් වෙළෙන්දන්ගේ පැමිණීම නිතර සිදුවය.මේ නිසා මෙම නම විය.
මේ මතවාද විග්රහ කිරීම හෝ ඒවා සනාථ කිරීම හෝ අනාථ කිරීමට කරුණු දැක්වීම මෙහි ලා අදහස් කරණු නොලැබේ.
දුන්න දුනු ගමුවේ
ඊතල කිතල ගමුවේ
රාළ මී ගමුවේ
මුවෙක් විද්දයි සපර ගමුවේ
රත්නපුරේ තිරැවාණා කැටියේ දී
කැටන් දොළේ පැල් වාඩාය කොනේ දී
පතුල්පාන වැලිමලුවේ හෙළේ දී
කතෙක් දුටිමි සන්නස්ගම වෙළේ දී
1.'සබර යනු වැද්දන් උදෙසා යෙදෙන පදයකි.මේ ප්රදේශයේ බහුල වශයෙන් වාසය කළ වැසි ජනයා නිසා 'සබර ගමු'වීය.හය ම 'සපරගමු'ලෙස ව්යවහාර වීය,යනු මින් පළමුවන අදහස වේ.
2.අතීතයෙහි සිට මේ රට ග්රීක් රට සමග සම්බන්ධතා පැවැත්විණි.මේ නිසා,මේ ප්රදේශයේ බහුලව දක්නට ලැබෙන නිල්මැණික් හදුන්වන,ග්රීක භාෂාවේ සෆිරෝස් (sappheiros)යන වචනය අනුව 'නිල්මැණික් බහුල පෙදෙස'යන අර්ථයෙන් 'සපරගමු'වීය,යනු දෙවන මතයයි.
3.මේ ප්රදේශයේ ජලාශවල 'පෙටියන්'(සඵර)බහුල වීම නිසා 'සපර'වීය යනු තෙවන මතයයි.
4.මේ ප්රදේශයේ වනාන්තර වල 'ලොත්'(සබර)ගස් බහුල වීම නිසා මේ නාමය වීය ,යනු සිව්වන මතයයි.
5.'සරබගමුව-සබරගමුව 'විය.'සරබ'යනු වෙළෙන්දෝය.මෙහි මැණික් වෙළෙන්දන්ගේ පැමිණීම නිතර සිදුවය.මේ නිසා මෙම නම විය.
මේ මතවාද විග්රහ කිරීම හෝ ඒවා සනාථ කිරීම හෝ අනාථ කිරීමට කරුණු දැක්වීම මෙහි ලා අදහස් කරණු නොලැබේ.
දුන්න දුනු ගමුවේ
ඊතල කිතල ගමුවේ
රාළ මී ගමුවේ
මුවෙක් විද්දයි සපර ගමුවේ
රත්නපුරේ තිරැවාණා කැටියේ දී
කැටන් දොළේ පැල් වාඩාය කොනේ දී
පතුල්පාන වැලිමලුවේ හෙළේ දී
කතෙක් දුටිමි සන්නස්ගම වෙළේ දී
Tuesday, 16 December 2008
රාවණ ඇල්ල
Wednesday, 10 December 2008
දෙහෙන ඇල්ල.
රත්නපුර වේවැල්වත්ත මාර්ගයේ සැතපුම් 15 පමණ දුර ගමන් කළ විට මෙයපෙනේ.එමෙන්ම බලංගොඩ සිට වේවැල්වත්ත හරහා රත්නපුරයට පැමිණෙනවිටද මෙම දිය ඇල්ල දැක ගත හැකිය.මෙම දියඇල්ල පිහිටියේ පහල ගම සහඅමුණුතැන්න යන ගම් දෙකක මායිම තුළ වන අතර මෙම ඇල්ලේ ආරම්භයවශයෙන් සැලකිය හැක්කේ 'ගස් ලබු ඇල'නම් වු කුඩා දිය පහරකි.මෙයදෙහෙන කන්ද ගම හරහා ' දෙහෙන දොළ 'නමින් ගලාවිත් උඩ අමුණුතැන්නේ සිට පහළට ඇද හැලෙන අතර එය කොටස් දෙකකින් යුක්ත වේ.මෙමදිය ඇල්ල අඩි 243ක් පමණ වෙතැයි සැලකේ. මෙම ඇල්ල පෝෂණය කරීමටගලා එන කුඩු ඇල්ල දෙහෙන කන්දේ පෙරිය උඩගම සිට පටන් ගැනේ.දෙහෙනඇල්ල ලෙස නම් ලද ආකාරය මෙලෙස ජනප්රවාදගතයි.මේ ප්රදේශයේ ඈපා නම්තනතුර ලැබු පාලකයෙක් වැරදි කළ පුද්ගලයින් නීතියේ රැහැනට හසුකරවා ගෙනමෙම ඇල්ල පහළ පිහිටි ගල්තලාව මතට තල්ලු කල නිසා පසු කලෙක මෙමඇල්ල 'දෙහෙදු ඇල්ල' වශයෙන් නම් වී කාලයාගේ ඇවෑමෙන් දෙහෙන ඇල්ල
වශයෙන් නම් වු බවයි. ඒ වර්ෂා කාලයේ දී මෙම ඇල්ල පහළින් අඩි 25 ක් පම්ණ වන අතර වර්ෂාව අධික කාළ වලදී මෙම මාර්ගයේ වාහනයක් වත් ගමන් කිරීමට නොහැකි පරිදි ජලකද විශාල වේ.එසේම වර්ෂාව අඩු කාලවලදී අඩු වතුර පහරකින් යුක්ත වේ.මෙයට ප්රධාන හේතුව වන්නේ ඇල්ල අවට ප්රදේශයෙත් ඊට ඉහල ප්රදේශ වලත් සිදුවන දැව විනාශය බව සදහන් වේ.තේ වගාවද මෙම දිය ඇල්ලේ ජල ප්රමාණය අඩු වීමට බලපා ඇත.විදේශිකයෝ ඉතා කැමැත්තෙන් නරඹන මෙම දිය ඇල්ලේ වටිනාකම අවට පදිංචිකරුවන් විසින් තේරුම් නොගැනිම කනගාටුවට කරුණකි. මෙහි ජලය පල්ලන්දල නම් ස්ථානයෙන් බඹරබොටු ඔයට ද ඉන්පසු මල්වල ප්රදේශයෙන් කළු ගගට ද වැටී මහසයුර වෙත ගලා යයි.
Tuesday, 9 December 2008
දියවිනි ඇල්ල
බලංගොඩ -වැලිගෙපොල දියවින්න ගම්මානයේ ශ්රී දේවගිරි රජ මහා විහාරයට නුදුරින් මෙම දිය ඇල්ල පිහිටා ඇත.කිරිමැටිතැන්නේ සිට සැම කුඩා ජල පාරක්ම එකතු වී දමහන හල් දොලට එකතුවන ජලයද දෙහිපිටිය බෝවත්ත,බෝලමුරේ ආදි ගම්වල ඇති කුඩා ජලධාරාවන් සියල්ලද එකතුවී ,දියවිනි හෙළෙන් පහළට ඉන්නක් සේ එක එල්ලේ ගලා බසින නිසා දිය ඉන්න යැයි දුර අතීතයේ පටන් මෙම දිය ඇල්ලට ව්යවහාර කෙරේ. අඩි 200ක් පමණ උසින් යුතු මෙම දිය ඇල්ල තනි කෙළින් පහළට රූටා හැළෙන අතර ,මෙය සැතපුම් දෙක තුනක් ඇතට දිස්වෙන දුර්ලභ දර්ශනයකි. එමෙන්ම මෙම ජලධාරාවේ මැද කොටසේ පටන් පහළට ඇද හැලෙන්නේ දුවිලි ආකාර දසුනක් මවමිනි.ඊලගට එය කටුපත් ඔයට සම්බන්ධ වී අවසානයේ දී වලවේ ගග හා එක් වෙයි.මෙම දිය ඇල්ල මැද කොටා ඇතැයි කියවෙන නාග අක්ෂර ඉඩෝර කාලවල දී හොදින් පැහැදිලිව දැක ගත හැක. දියවින්න ප්රදේශයේ කෙත්වතු සදහා ජලය සැපයෙන්නේ දියවින්න ඇලෙනුයි.අක්කර අටක් පමණ විශාල වු වෑ කුඹුර වැව සදා තිබෙන්නේ දියවිනි ඇල්ලේ ජලයෙනි.පියන්ගිරියේ සිට දියඉන්න ගලා බසින ඔයේ බෑවුම් බොහෝ උස් තැනක දිග අඩි 128ක් ද පලළ අඩි 28ක්ද උස අඩි 50ක්ද පමණ විශාල ලෙනක් පිහිටා ඇති අතර මෙම ලෙනේ කටාරම් කොටා තිබේ.බලංගොඩ සිට වැලිපොත හරහා සැතපුම් 20ක් පමණ ඉදිරියට ගොස් මෙම දිය ඇල්ලට ලගා විය හැක. සොබාදහමින් මිහිකතට දායාද කල මෙම චමත්කාර දිය ඇල්ලෙන් ලැබෙන ජලධාරාවෙන් දියවින්න හා සදගිරිය ආදි ගම්වල විශාල කෙත් යායවල් සරු සාර කෙරේ. මෙවැනි චමත්කාරජනක දිය ඇලි රැක ගැනීම අප හැමගේම මහගු යුතුකමකි.
Sunday, 7 December 2008
දුවිලි ඇල්ල( කල්තොට,බලංගොඩ)
බලංගොඩ කල්තොට මාර්ගයේ කිලෝ මිටර්25පමණ ගිය විට දුවිලි ඇල්ලට හැරෙන ස්ථානය හමුවේ.එතැන් සිට තවත් කිලෝ මිටර් කිපයක් ගිය විට දුවිලි ඇල්ල හමුවේ.බලංගොඩ මැතිවරණ කොට්ටාශයේ බෙල්ලන්ගල රක්ෂිත මායිමේ වලවේ නදියට සම්බන්ධව දුවිලි ඇල්ල පිහිටා තිබේ.කල්තොට මාර්ගයේ බෙල්ලන්ගල ගමෙහි 16වන සැතපුම් කණුව අසලින් වමට හැරී සැතපුම් දෙක හමාරක් වන මැදින් ඇවිද ගොස් දුවිලි ඇල්ලට ලගා විය හැකිය.කල්තොට මැදබැද්ද මාර්ගයේ සිට ඉලුක්පැලැස්සට වම් පසින් ද මෙයට ප්රවිශ්ට වන මාර්ගයක් තිබේ. ඉසිර විසිර ගිය දුලි වලාවක් වාසිරෙන දිය බිදු හාත්පස පාවී යයි.සුර්ය රශ්මිය කිරණ මේ ජල දුවිලි වලාව හරහා යමින් මවන දේදුන්නඅතිශය චමත්කාරජනකය.ලංකාවේ ආදිතමයා ලෙස සැලකෙන බලංගොඩ මානවයා සොයා ගැනීම සිදුවුයේ මෙම දිය ඇල්ල ඇශ්රිත බෙල්ලන් බැදි පැලැස්ස ග්රාමයෙනි .ශ්රි ලංකාවේ දක්නට ලැබෙන දුවිලි ඇලි පහෙන් ප්රමුඛයා මෙම දුවිලි ඇල්ලයි.අලි දඩයමේ යමින් සිටි ඉංග්රිසි ආණ්ඩුකාර වරයෙකු මෙම දිය ඇල්ල සොයා ගෙන ඇති බව ද වාර්තා වේ.මෙම දිය ඇල්ල සමන් දෙවින් විසින් මැව්වක් බව ගැමියෝ විශ්වාශ කරති.
දුරාතීතයේ විසු එක් රජ කුමරෙකු පරසතුරන් සමග යුධ වැදීමේ දී ඹහුගේ රන් ඇභරණ සගවා ගියේ ඇල්ලේ ගල් කුහරයක බව බවට ජනප්රවාධයේ පවතී.දිය ඇල්ල පතිත වන ගැඹුරැ ජලාවාටයේ රන්තෝඩු පැළදි ආදෙක් සහ රන් පුහුලක් ඇති බවටද ගැමියන් අතර විශ්වාසයක් ඇත. වලවේ ගගෙන් උපත ලබන මෙම දිය ඇල්ල උසින් අඩි 131කි.කදු බෑවුන් හා ප්රපාත වලින් ගහන මහ වන පෙතක පිහිටි දුවිලි ඇල්ල නැරඹිමට යාමේ දී ප්රවේශම් විය යුත්තේ වල් අලින්ගෙනි.පලා පෙලොගුන්ද මෙහි ඇත.දුවිලි ඇල්ල අවට ප්රදේශය සබරගමු පළාත් සභාව මගින් පරිසර සංරක්ෂණ කලාපයක් බවට ප්රකාශයට පත් කර ඇති අතර වන රක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ද ශ්රි ලංකාවේ ප්රථම ඹෟෂධ භූමිය ලෙස මෙහි අක්කර 300ක භූමියක් වෙන් කර ඇත.බෙල්ලන්ගල රක්ෂිතය මැදින් දුවිලි ඇල්ල වෙත යාමට වැටී ඇති මාර්ගය වාහන ගමන් කළ හැකි ලෙස සකසා තිබේ .
මෙහි අරළු,බුළු නෙල්ලි වැනි ඹෟෂධීය ගුණයෙන් පිරිපුන් ශාක ද සබරගමුවට ආවේණික 'ලෙත් ඩින්සාටේ 'සමනළ වර්ගයද 'ගැලොපර් ඩිකස් බයිකල් කරාටා 'නැමැති සත්ව විද්යාත්මක නාමයෙන් හදුන්වන,ශ්රී ලංකාවට ම පමණක් ආවේණීක හබන් කුකුලා ද මෙම පරිසරය තුළ දැක ගත හැක.
Thursday, 4 December 2008
බෝපත්පිටිය දිය ඇල්ල(බෝපත් ඇල්ල)

රත්නපුර සිට කොළඹ ප්රධාන මාර්ගයේ අසලින් හිග්ගස්හේන කඩමන්ඩියෙන් හැරෙනදෙවිපහළ මාර්ගය ඔස්සේ කි.මි.4ක් ගමන් කළ පසු , මෙම දිය ඇල්ල හමුවේ.ප්රධානතම මාර්ගයක් ඔස්සේ අගනුවර සිට ඉතා පහසුවෙන් ළගා විය හැකි ස්ථානයකපිහිටිම ද මෙම දිය ඇල්ලේ ජනප්රියත්වයට හේතුවකි. අගලවත්ත ගමේ පිහිටි මෙම සුන්දර දිය ඇල්ල උසින් අඩි 99ක් වන අතර පුජනීයශ්රී පාද කන්ද මුදුනේ සිට රමණීය වන පෙදෙස් මැදින් ගලා එයි.එය එරත්ත ගග වශයෙන් ගලා විත් කුඩා ගල් දෙබොක්කාවකින් 'බෝපත් සේ පහළට ඇදහැලෙනබැවින් ,මෙම දිය ඇල්ල බෝපත් ඇල්ල ලෙස ව්යවහාරයට පැමිණ ඇත.පසුවකුරැගග (කුරැවිට ගග) ලෙස කිරි ඇල්ල කුරැගම්මෝදරින් කළු ගගට වැටේ .මෙම දියඇල්ල අතීතයේදී ගැමියන්විසින්බෝපත්පිටියදිය ඇල්ල ලෙසද හදුන්වා ඇත.මේ දියඇල්ල පිළිබද ජනප්රවාද කීපයක්ම වෙයි.දැරණියගල සමන් දේවාලයේ සිට ඓතිහාසිකරත්නපුර මහ සමන් දේවාලයේ නානුමුර මංගල්යය සදහා ආභරණ ගෙන එන අතර දියස්නානය කළ ස්ථානයක් ලෙසත් සීතාවක මයා දුන්නේ රජු ජලස්නානය කළ ස්ථානයලෙසත් හැදින්වේ.හුදකළා බවින් මිදී ප්රකට සංචාරක ස්ථානයක් බවට පත්විමිත් සමග බෝපත් ඇල්ල
තරැණ ජීවිත බිලිගන්නා ඛේදවාචකයක් බවට පත් වී තිබේ .ශ්රී ලංකාවේ දිය ඇලි අතරවැඩිම මිනිස් ජීවිත ගණනක් බිලි ගෙන ඇති දිය ඇල්ල ලෙස ද මෙය ප්රසිද්ධය. අදමෙය නරඹන්නට පැමිණෙන්නන් ස්වභාවික වින්දනයට අමතරව විවිධාකාරයෙන් ඒඅවට පරිසරයට හානි කීරීම කනගාටුදායකය.
Subscribe to:
Posts (Atom)


