Friday, 9 January 2009

ශ්‍රී පාදයේ සිරිත් විරිත්


පෙර ශ්‍රීපාද වන්දනා ගමන හදුන්වා ඇත්තේ "කරුණා කරනවා" යනව්‍යවහාරයෙනි.මෙහි කරුණායනුවෙන් අදහස් කරඇත්තේ සුමන සමන් දෙවියන්ගේ ආශ්‍රිර්වාදය මතම මෙය සාර්ථක කරගත යුතුයයන අදහස විය යුතුය.කරුණා සංතල්පය ගමනේ යෙදෙන හදුනන නොහදුනන සැමදෙනා අතර සුහධතාවය ඇති කරන බන්ධනයක් වැනිය.විශාල පිරිසක් පටු දුෂ්කර මාර්ගයක යන එන විට ගැටුම් ඇති විය හැකි වුවද මෙම කරුණා සංකල්පයෙන් එම තත්වය මගහරී යයි.සෙනග තදබද වු අවස්ථාවේ භාවිතා කරන "සංහිදේ"යන වචනයද "කරුණා යන්නට ම සමීප වන යෙදීමකි.ගමනටඉඩ ලබා ගැනීමට මෙම කාරුණික වචනය භාවිතා කළ විට අවසරය ඉබේම සැලසේ.කරුණා කිරීමේදීභාවිතා කරන බෝහෝ වචන අමුතු ස්වරූපයක් ගෙන ඇත.ලමන් බඩු බහාලන ඔලගුව"සැහැල්ලුව"යැයි යෙදීම කණ්ඩායමට "නඩය"යයි කීම ආදී වශයෙන් අමුතු භෂා සම්ප්‍රධායක්භාවිතා කිරීමද විශේෂ සිරිතකි.ඒ අතර ශ්‍රීපාද පද්මයට කරන ගෞරවයද නොයෙක් ආකාරයෙන් කීරීමට බැතිමතුන් පුරුදු වී තිබුණි.පද්යමට අගනා රෙදි හා ආභරණ පිදීම සිරිපතුල සීඹීම ,නළල පද්මයේ ඇතිල්ලීම පළවන විමලධර්මසුරිය රජතුමා විසින් රිදී කුඩ‍යකින් සිරි පතුල වැස්සවීම"විල්මට් හෝර්ටන්"නම් ආණ්ඩුකාර වරයා විසින් සිරිපතුල රිදී කඩුවකින් වැස්සවීම ආදී කරුණු වලින්පෙනීයන්නේ පද්මය අගනා දෙයකින් වැසීම සිරිතක් කර ගෙන තිබුණු බවයි.වන්දනා සමයෙහි අතරමග දන්සැල් පවැත්වීම ද සිරිතකි.තනි තනිව ගමන් කරන්නන්ට දන්සල බෙහෙවින් උපකාර‍වේ.බොහෝ නඩ ගසන ආරම්භයට පෙර සීතලට ‍ඔරොත්තු දෙන ආහාර වර්ග හා බෙහෙත් වර්ග දපිළියෙල කරගන්නා අතර සහල් පිටි වලින් තනා ගන්නා "අග්ගලා"අතව්‍යශ්‍ය දෙයක්වශයෙන්පිළීගැනේ.වෙහෙස නිවා ගැනීමට "තුන් සරණේ" කීමද විශේෂ සිරිතකි.'නඩේ ගුරා' එක් පදයක්කීවිට නඩේ පිරිස ද එය අනුකරණය කිරීම සම්ප්‍රධායකි.පෙර කල බොහෝ නඩ රෑ දහවල් දෙකේම දුරබැහැර සිට ම තුන් සරණේ කියමින් පා ගමනින් ම කරුණා කිරීම පුරුද්දක් කරගෙන තිබුණී.දැන් එමසිරිත නැත්තටම නැතිවී ගොස්ය.ගම්බද ඇතැම් අය හිමයේදී පමණක් කවි කීමට පෙළබෙති.කවිකීමේදී මළුවට නගින විට "වදින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි"කියා ආපසු බසින පිරිසසෙත් පතනවිට ,නගින පිරිසද "වැදලා බහින මේ නඩේට
සුමනසමන්දෙවිපිහිටයි"කියාපිළිතුරුආශිර්වාදයක්කිරීමද සිරිතකි.වන්දනා ගමනේදී මුණගැ‍සුණු අමුත්තන් සමග හොද හිත වැඩි දියුණු වීආවාහ විවාහ සිදුවීමද නිතර පාහේ සිදුවන්නකි.
02.සමන් දෙව් රුව වැඩමවීම
වන්දනා වාරය අරඹන විට ගල්පොත්තාවෙල විහාරස්ථානයේ සිට සමන් දෙව් රුව වැඩම වීම පෙර කල කර ඇත්තේරත්නපුර පලාබද්දල හරහා යෙදී ඇති රජ මාවත ඔස්සේය.වර්ථමානයේ සමන් දෙවි පෙර හැර පවත්වන්නේ රත්නපුර අවිස්සාවෙල්ල හරහා හැටන් මාවත ඔස්සේය.මෙම පෙරහරට මාර්ගය දෙපස සිටින්නන් වර්ෂයෙන් වර්ෂය වඩ වඩාත් උනන්දුවෙන් උපහාර කීරිමට පෙළඹී ඇත.පාන්දර සුභ මොහොතින් පෙරහර පිටත් වී පළමුව රත්නපුර සබරගමු මහ සමන් දේවාලයට පිවිසේ.‍එහිදී නියමිත වතාවත් කර මහ සගරුවන පිරිත් දෙසා අවසන් වු පසු යළිත් ගමන් අරඹෘ මග දෙපස සිටින ජනතාවගේ උපහාරය නිසා ප්‍රමාද වී නල්ලතන්නියට සම්ප්‍රාප්ත වන විට රාත්‍රී මධ්‍යම යාමයට සමීප වේ.අනතුරුව දෙව් රුව මළුවට වැඩමවා වන්දනා වාරය අරඹයි.වාරය අවසන් වී ආපසු වැඩම වන විට ද පෙර සේමඋපහාර මැද ගල්පොත්තාවෙල විහාරස්ථානයට ලගාවේ.සමන් දෙවිදු කෙරෙහි ඇති විශ්වාසය හා ගෞරවය ද අනුක්‍රමනයෙන් වැඩිවීමක් මිස අඩුවීමක් දක්නට නැත.
කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේසිට වර්ථමානය දක්වා ශ්‍රී පාදයේ නායක පදවියට පහත සදහන් නාහිමිවරුන් පත් වී ඇත.
01.මඩලම්මන තෙරුන් වහන්සේ(වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු කල සිට)
02.වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමි
03.වේහැල්ලේ ධම්මදින්න මාහාමි-1753-1775
04.කඹුරුපිටියේ සගිධර ගුණරතන නාහිමි-1775-1780
05.මාලිම්බඩ ධම්මධාර නාහිමි-1780-1786
06.කරතොට ශ්‍රී ධර්මාරාම නාහිමි
07.මොරතොට ධම්මක්ඛන්ධ නාහිමි
08.කොබ්බෑකඩුවේ ශ්‍රීනිවාස නාහිමි
09.දෙවැනි වැලිවිට සරණංකර නාහිමි
10.ගම්මුල්ලේ සුමන නාහිමි
11.ගාල්ලේ ශ්‍රී මේධංකර නාහිමි-1826-1836
12.ඉදුරුවේ සුමංගල මේධංකර නාහිමි
13.ගලගම අත්ථදස්සී නාහිමි-1836-1860
14.හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි-1860-1867
15.පරගල සෝභිත නාහිමි-1867-1911
16.රඹුක්පොත ශ්‍රී ප්‍රඥාසාර නාහිමි-1911-1913
17.මොරොන්තුඩුවේ ශ්‍රී ධම්මානන්ද නාහිමි-1913
18.බටුගෙදර යසස්සී නාහිමි
19.හදපාන්ගොඩ ශ්‍රී විමල නාහිමි-(වර්ථමාන)

Wednesday, 7 January 2009

ජාතියේ චුඩාමාණික්‍යරත්නය ශ්‍රී පාදස්ථානය


ලෝකයේ උසම කන්දක් වශයෙන් හිමාලයට ප්‍රමුඛස්ථානයක් හිමි වේ.එහෙත් උසම කන්ද නොවුවත් සමන්ත කූටය බැතිමතුන්ගේත්,පරිසර වේදීන්ගේත් සෞන්දර්යකාමීන්ගේත් වැඩී අවධානයක්‍ යොමු වී ඇති වර්ෂයකට ලක්ෂ ගණනකගේ පාදස්පර්ශය ලබන ප්‍රධානතම කදුශීඛරය සිංහලයෝ ශ්‍රිපාදස්ථානය සමනළ කන්ද සමන්ත කූට සුමන කූට සමන් ගිර ආදී විවිධ නම් වලින් හදුන්වති. මෙහි ඇති විශේෂත්වය රටේ සිව් දෙස කොතනක සිටි බැලුවත් මෙම කදු ශිඛරය බලා ගත හැකිය. තවත් මේ ගැන අවධානය යොමුවන්නේ දිවයිනේ ප්‍රධාන ගංගා සතරේ උපත මේ කදු වැටිය ආශ්‍රයෙන් ඇති විමයි.වර්ෂයේ සෑම වකවානුවකම වර්ෂාව ලැබෙන රටේ මධ්‍ය කදුකරයෙහි මෙය පිහිටා තිබීම නිසා මුළු ‍රටටම ජලය ලබා දෙන පොකුනක් වශයෙන්ද සැලකිය හැක.කදු මුදුන තරනය කිරීම දුෂ්කර උවද ශිඛරයට නැගී පරිසරය නරඹන විට පෙනෙන සෞන්දර්යාත්මක දර්ශනය දහස් වරක් තරණය කලත් නොතිත් හැගීමක් ඇතිකිරීමට හා අගය වැඩීවීමට තවත් හේතුවකි. මෙම කදු ශ්‍රඛරය ඇතැමුන් තරණය කරන්නේ ඉර පායනවිට හා බැස යන විට අරුණෝදයේ දකින ඉර සේවය බැලිමටත් සන්ධ්‍යාවේ ක්ෂිතජයේ දකින සෞන්දර්ය බැලීමටත්ය.බෞද්ධයන්ට අවශ්‍යය වුයේ දුෂ්කර ගමනින් සම්බුදු සිරිපා නැමැද වැඩි පිනක් ලබා ගැනීමටය.මැණික් සම්පතේ උපතට බලපෑමක් ඇතැයි සලකන සමන් දෙවියන්ගේ වාසභූමිය මෙහි පිහිටීමද සමන් ගිරට අවධානය යොමු වීමට හේතුයකි. මේ සියලු කරුණු නිසා ශ්‍රී පාදස්ථානය ගෞරවයට පාත්‍රවී ඇති සපරගමුවේ අද්විතීය ස්ථානය බවට පත් වී ඇති බව පෙන්වා දිය හැක

මුල් යුගයෙහි බුදු රදුන් වෙනුවෙන් භාවිතා කළ සිරිපා සටහන 'පාද චේතිය 'වශයෙන්ද සමහර ලේඛණ වල සදහන්ව ඇත.එසේ සදහන් යන්නට ඇත්තේ සිරිපා සටහන පුජනීය වස්තුවක් ලෙස සැලකූනිසා විය හැක.මෙම පුජනීයත්වය වඩාත් තහවුරු වන්නට ඇත්තේ පාළි සුත්‍රාගත කරැණු නිසාද විය හැක.දීඝ නිකායේත් මහාවග්ග පාළියේත් මහාපදාන සුත්‍රයේත් බුදු රජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ ගැන සදහන් වන තැන 'සුප්පතිට්ඨීක පාදො'යයි පළමු මහා පුරුෂ ලක්ෂණයෙන් මනාව පිහිටි පාදය දක්වයි.එහිම දෙවැනි මහා පුරුෂ ලක්ෂණය ලෙස 'සෙට්ඨා පාද තලෙසු චක්කානි ජතානි' (යටිපතුලේ වක්‍ර ලක්ෂණය පිහිටා ඇත)යයි සදහන් වේ.පැරණි බොහෝ ග්‍රන්ථවල සිරිපතුලේ චක්‍ර ලක්ෂණය විස්තර කරමින් එහි වු 108 ප්‍රභේද සහිත මංගල ලක්ෂණ විස්තර කර ඇත.

1) ස්වස්තිකය
2) ශ්වේතොත්ඵල
3) රක්තොත්පල
4) ශ්වේතපද්ම
5)රක්ත පද්ම
6)පුර්ණ පාත්‍ර
7)පුර්ණ ගටය
8)නීලෝඵල
9)නදවට
10)පුන්කලස
11)වල්විදුනා
12)සොවැති
13)සිරිවස
14)පිල්කලජ
15)අවතංස
16)නළල්පට
17)හිමාලවනය
18)මගුල් තොරණ
19)මිණි තොරණ
20)මගුල් කඩුව
21) ප්‍රාසාදය
22)‍ කෙලාස කූටය
23) ශ්‍රවේතඡත්‍ර
24) සේ‍සත
25) ස්වර්ණ වාල විජිනි
26) තරාදිය
27) භද්‍රපිඨ
28) චාමර
29) ජම්බුද්දීප
30) පුර්ව විදේහ දිවයින
31) පශ්චිම දිවයින
32) උතුරු කුරු දිවයින
33) කිරි මුහුද
34) යුගන්ධර පර්වතය
35) සප්ත මහා සීදන්ත සාගරය-1
36) ඊශ්වර පර්වතය
37) සප්ත මහා සීදන්ත සාගරය-2
38) කුරවික පර්වතය
39) සප්ත මහා සීදන්ත සාගරය-3,
40) සුදර්ශන පර්වතය
41) සප්ත මහාසීදන්ත සාගරය-4
42) නෙමින්දර පර්වතය
43) සප්ත මහා සීදන්ත සාගරය-5
44) විනතක පර්වතය
45) සප්ත මහා සීදන්ත සාගරය-6
46) අශ්ව කර්ණ පර්වතය
47) සප්ත මහා සීදන්ත සාගරය
48) සුර්ය මණ්ඩලය
49) චන්ද්‍ර මණ්ඩලය
50) සුංසුමාර රාජයා
51) ධජ
52) ස්වර්ණ මත්ස්‍ය යුගල
53) පතාක
54)වඩමං
55) චක්‍රා යුධය
56) දක්ෂිණ වෘත ස්වේත සංඛ්‍ය
57) සපිරි වාර සප්ත රත්නයන්
58) ,59),60),61),62),63),64),65) චාතුර් මුඛ ස්වර්ණ නෞකා
66) කිම් පුර්ෂයා
67) කින්නරාංගනාව
68) චක්‍රවර්ති රාජයෝ
69) ස්වර්ණ හංස රාජයෝ
70) කුරවික රාජයා
71) ගරුඪ රාජයා
72) මයුර රාජයා
73) වාසුඛී නාග රාජයා
74) ස්වර්ණ මඛර රාජයා
75) සිංහ රාජයා
76) වෘෂභ රාජයා
77) ව්‍යාඝ්‍ර රාජයා
78) වලාහක අශ්ව රාජයා
79) ඓරාවන නම් හස්ති රාජයා
80) අනවතප්ත විල
81) ජද්දන්ත විල
82) කර්ණ මුණඩ විල
83) රථාකාර විල
84) සිංහ ප්‍රතාප විල
85) මන්දාකිණි විල
86) කුණාල විල
87) චාතුර් මහා රාජික දෙව්ලොව
88) තව්තිසා දෙව්ලොව
89) යාම දෙව්ලොව
90) තුසිත දෙව්ලොව
91) නිර්මානරති දෙව්ලොව
92) පරනිර්මිත වසවර්ති දෙව්ලොව
93) රූපාවචර බ්‍රහ්මෂද්‍ය නම් බඹලොව
‍94) බ්‍රහ්ම පුරෝහිත නම් බඹලොව
95) මහා බ්‍රහ්ම නම් බඹලොව
96) පරිත්තාභ නම් බඹලොව
97) අප්‍රමාණාභ නම් බඹලොව
98) ආභස්වර නම් බඹලොව
99) පරිත්ත ශුභ නම් බඹ ලොව
100) අප්‍රමාණ ශුභ නම් බඹලොව
101) ශුහකීනි නම් බඹලොව
102) වෙහප්පල නම් බඹලොව
103) අසඤ්ඤ සත්ත බඹලොව
104) අවිහ නම් බඹලොව
105) අතප්ප නම් බඹලොව
106) සුදස්ස නම් බඹලොව
107) සුදස්සී නම් බඹලොව
108) අකනිෂ්ඨක නම් බඹලොව''

,මේ ආදී වශයෙන් සිරිපතුලේ ලක්ෂණ 108ක් දක්වා ඇත..බුදු සිරිපතුලේ මෙබදු ලක්ෂණ පිහිටා තිබීම ම එය පුජනීයත්වයට පත් වන්නට හේතු වී ඇත.සමන් දෙවිදුන්ගේ අණසක යටතේ සමනළ අඩවිය පවතිනවාය,යන මතය බොදු බැතිමතුන් තුළ තහවුරු වී ඇති බැවින් සමන්ගිර තරණය සදහා සුවිශේෂ ‍පේවීමක් ද කරනු ලැබේ. මෙකි ලක්ෂණ සහිත සිරිපතුලක් බුරුමයේ මීටර්යක් පමණ දික් වු ගලක කොටා ඇති බව මෑතක දී ලියා පල කරන ලද ශ්‍රීපාදවංශය කැමැති කෘතියේ පළකර ඇත.ලක්දිව බොහෝ සිද්ධස්ථානවල සිරිපා සටහන නෙළා ඇත්තේ එහි ඇති පුජනීයත්වය නිසාම විය යුතුය.පැරණි නටබුන් අතර තීබී හමුවී ඇති සිරිපතුල් කිහිපයක් පිළිබදව පෙර දී ශ්‍රීපාද වංශ කතාවේ සදහන් වීඇත. එනම් යාපනයේ කන්ත රෝද ගම්මානය,අභයගිරි විහාර භුමිය, ජේතවන විහාර භූමිය,ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශය,සිතුල්පව්ව විහාරය,ත්‍රිකුණාමලයේ වෙල්ගමුව ආදී ස්ථාන වල තිබී ඇත.
ශ්‍රී පාද වන්දනාව සදහා සකසා ගෙන ඇති ගාථාව

" යංනම්මදාය නදියා පුලිනොව තීරෙ
යංසච්ච බද්ධ ගිරිකෙ සුමනාචලග්ගෙ
යංතත්ථ යෝනක පුරෙ මුනිනොච පාද
තංපාද ලාංජන මහං සිරසා නමාමි "
මෙම ගාථාවේ ද නර්මදා නදී තීරයේත්,සච්චබද්ධ පර්වතයේත්,සමන් ගිරේත්,යොන් රටේත්,මුනිසිරිපා සටහන්ව ඇති බව කියයි.
සමන්තකුට වර්ණනාවේ බුදරජාණන් වහන්සේ රහතුන් පන්සීයක් සමග සමන් ගිරට වැඩම කර වම් පා සටහන තැබු බව කියා ඇත. එහෙත් බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමන් ගැන කරුණු සදහන් වන සමන්ත ප්‍රාසිධිකාවේ හා දීප වංශයේ සුමන කූටයට බුදුන් වැඩ සිරිපා සටහන තැබු බවක් කියා නැත.මහාවංශාගත.කරුණු අනුව ඓතිහාසික සිද්ධි බොහොමයක් පිළිගන්නා නිසා යම් යම් පොත්වල සදහන් නොවු පමණින් සුමන කූටයට බුදුරජාණන් වහන්සේ නොවැඩි බවක් පිළිගැනීමට වුවමනාක් නොපෙනේ .ශ්‍රී පාදස්ථානයට ඇති බෞද්ධ අයිතිය පිළිබද විවාදයක් නොමැති බව පෙනේ.
















Sunday, 4 January 2009

මාපලාන දිය ඇල්ල



රුවන්පුර නගරයේ සිට ශ්‍රීපාද මාවත ඔස්සේ සැතපුම් 14ක් පමණ දුර ගෙවා ශ්‍රී පලාබද්දලකඩමන්ඩියෙන් දකුණට හැරී මීටර් 100ක් පමණ ගිය පසු හමුවන මාපලාන ගම්මානයේපිහිටා ඇති 'මාපලාන දිය ඇල්ල' සොබාදහම් මෑණියගේ අනගි දායාදයකි.මෙය පිහිටි ගමද දියඇල්ල නිසා ප්‍රසිද්ධියට පත්ව ඇත.ගම්මානයේ සිට දිය ඇල්ල දක්වා මාර්ගයසැතපුම් 1 1/2ක් පමණ වේ .මේ අතර තුර මාර්ගයේදී හමුවන 'හාල්මැලි ඇල්ල'ද සොබා සිරි නරඹන්නට අමතක නොවන රසදුනක් වනු ඇත .ඇල්ලට පහළින් පිහිටාඇති ලෑලි පාලමකි.එම පාලමින් එගොඩ වී ගල් කුළු මතින් පැන පහසුවෙන් ම ඇල්ලඅසලට ළගා විය හැක.සිරිපා අඩවියේ කොන්ඩගල නම් ස්ථානය සිට හීන් ඇල්ල ඔයලෙස ගලා ඇවිත් පටු නිම්නයක් හරහා ගඹුරු ප්‍රපාතයකට ඇද හැලී මහල් තුනකින්යුක්තව නිර්මාණය වි ඇතිමේ ඇල්ල,අඩි 600ක් පමණ උසය .දිය ඇල්ලේසුන්දරත්වය තවත් ඔපවත් කරන්නේ මෙම ඇල්ල මුදුනේ මදක් නැමී ගිය රිදී හවඩියක්වැනි කොටසක් මගිනි.ඇල්ලේ දර්ශනිය ම කොටස වනුයේ පළමු හා නදවැනිකොටස්ය.ප්‍රදේශයකට සංවහන වැසි ලැබෙන මාර්තු ,අප්‍රේල් මාසවල මෙම දිය ඇල්ලේධාරාව එකම දිය කදක් ලෙස පහතට කඩා වැටෙන බැවින් ,ඇල්ලේ සුන්දරත්වය හා උසප්‍රමාණය පෙරට වඩා වැඩි වී පෙනේ .රත්නපුර දිස්ත්‍රික්කයේ දිය ඇලි අතරින් උසම දියඇල්ල මෙය වේ. ප්‍රාදේශීය නායකයෙක් ව්‍ර 'මාපා' දිය නෑ ඇල්ල 'මාපා නානුඇල්ල'බවට පත්වී ,පසුව එය 'මාපලාන ඇල්ල'වු බව ප්‍රවාදයයි.ඇල්ලේ අද්භූතබලයක් පවතින බව විශ්වාශ කරන ගම්මුන් කොහොඹ කංකාරිය,පයන් මඩු ,ගම්මඩු
වනි ශාන්ති කර්ම වල දී කිල්ලට අසුනොවන පරිදි අදුම් ඇදීම මෙහිදී කළ බව ප්‍රකටයි.නියං කාලවලදී වර්ෂාව ලබා ගැනීම සදහා ඇල්ල ඉහළට ගොස් මේ යාඥාව කිරීමට අදපවා ගැමියෝ පෙළබෙති.
"ප්‍රේමත් සමත්තකූට විමානාධිවාසිහු සුගත පදහං සාරා.....සුගත පද ලාංජනහංසයානමාන සබරගමු මන්දි රාජිරාජිතයෙන් රෝගාද්පත්ති මාර්ග පතිපන්න තව්තිසා දිව්‍ය ලෝකයාදිපති ව වැඩ වාසස්ථානය කරවදාරන්නා වු ශ්‍රී සුමන දිව්‍යරා‍‍ජෝත්තමයාණන් වහන්සේට සැල කරන්න කන්නලව්ව අද මේ ගම්මන්ඩියට වැසිනැති වෙලා තියන දේ තමුන්වහන්සේලාගේ දිවැසට පෙනී දිවැසින් දැක මෙය සහන කරදෙන මෙන් දේවතාවුන් වහන්සේලා‍ට සැලකර සිටින්නේය."මේ ඇල්ල හාසම්බන්ධවඓශ්චර්යමත් සිද්ධීන් රාශියක් සිදුව ඇති සැටි ගැමියෝ අදද කියති.අසල ගල්වල ඇති රූප සටහන්,සැගවී ඇති තෙල් වර්ග ,මේ හරහා ශ්‍රීපාදස්ථානය වන්දනාවේ ගියසුරන්ගනාවියන් බටනලා පිඹි තරුනයන් ආදීහු මේ අපුරු කථාවන්ට පසුබිම් වේ.විවිධ රෝග සදහා යොදාගන්නා ඹෟෂධ වර්ග මේ අවට කැලෑවේ ඇති අතර ආවේණිකපක්ෂී,සිවුපා උරග ආදීන්ටද එය තෝතැන්නක් වෙයි.ප්‍රචාර කටයුතු මගින් ප්‍රසිද්ධියක්ලැබුනහොත් මෙම උස් දිය ඇල්ල රටට විදේශ විනිමය උපයන උල්පතක් වනු නිසැකය.

Thursday, 1 January 2009

Happy New Year 2009



‍ I wish you prosperous and happy new year

Success is not the key to happiness
Happiness is the key to success
If you love what you are doing you
Will be happy and successful
Have a successful year ahead
2009
HAPPY AND HEALTHY NEW YEAR

Wednesday, 31 December 2008

ඇල්ල උඩ ඇල්ල

'ඇල්ල උඩ ඇල්ල'හෙවත් 'මලංකන්ද' ඇල්ල පිහිටා ඇත්තේ ප්‍රාග් ඓතිහාසික මානවයාගේ වාසස්ථානයක් බවට ‍‍දෙස් විදෙස් විද්වතුන්ගේ සම්භාවනාව‍ට පාත්‍ර ව ඇති බටදොඹ ලෙනට නුදුරිනි.මේ අනුව, දිය ඇල්ල ආශ්‍රිත භූමි ප්‍රදේශය ද ආදි මානවයාගේ නිරන්තර ඇසුරට ලක් වු පෙදෙසක් ලෙස සැලකිය හැකිය.කොළඹ රත්නපුර මාර්ගයේ පණුකැරූපිටිය මන්සන්දියෙන් වමට හැරී කිලෝ මීටර් 3 1/2ක් පමණ මග ගෙවා ගිය විට හමුවන ඇල්ලේ උඩ ග්‍රාමයේ,නිම්මහවෙල වතුයායේ මෙම අති රමණිය දිය ඇල්ල පිහිටා ති‍බේ.මලංකන්ද විද්‍යාලයට කිලෝ මීටර් 1/2ක් පමණ දුරින් පිහිටි දිය ඇල්ල නැරඹීමට යායුතුව ඇත්තේ මලංකන්ද දොළ තරණය කීරීමෙනි.එය තරමක දුෂ්කර වුවත් ආශ්වාද ජනක ගමනකි. දිය ඇල්ලේත් ගම්මානයේත් පිහිටීම ද විශේෂත්ව‍යක් උසුලයි.ගම්මානය පිහිටා ඇත්තේමේ මනරම් දිය ඇල්ලට ඉහළිනි.එම ග්‍රාමයට 'ඇල්ලේඋඩගම'යන පටබැදි නාමය ලැබුනේ‍ මෙම සුවිශේෂී පිහිටීම පදනම් කොට ගෙනය.මෙම දිය ඇල්ල පිහිටා ඇති ස්ථානය අසල අගනා පුරාවස්තු රැසක් තැන්පත්ව ඇති බවට විශ්වාසයක් පවතී.මෙම දිය ඇල්ල දෙසින් ගුප්ත දෝන් කාරයක් දැනුදු ඉදහිට ඇසෙන බව දිය ඇල්ල ආශ්‍රිතව වෙසෙන ගම්මු පවසති.මේ ගුප්ත අදෝනා හඩ ආදිමානවයාගේ ආත්මය විසින් අදෘශ්‍යමාන ව නගන්නා වු හඩේ ප්‍රතිරාවයක්ද?එසේත් නැතිනම් අවට නිදන්ගත ව ඇති පුරාවස්තු රක්නා භෛරව ආදි අමුනුෂ්‍යයන්ගේ බිය ගෙරවිලි ශබ්ද වල රාව ප්‍රතිරාවද?
දිය ඇල්ලට තරමක් ඉහලින් කුඩාවන රොදක් මැද පිහිටා ඇති ජලාවාටයද ගුප්ත බිය දනවන සුළුය.එක්තරා ඈත දිනක මෙම ජලාවාටය තුළ කිඹුලෙකු මැරී සිටිනු දක්නට ලැබුණු බවත් ,ඉක්බිති එම ජලාවාටය 'කිඹුලුවල'නම්න් ව්‍යවහාරයට පැමිණි බවත් තතු දන්නෝ පවසති.උසින් අඩි 65ක්ද පළලින් අඩි70ක් ද වන මහල් දෙකකින් සමන්විත ව කඩා හැලෙන දර්ශනීය දිය ඇල්ලකි.වැසි සමයේදී මෙම දිය ඇල්ල වඩාත්චමත්කාර ජනක වන බව ගම්මු පවසති.අවට ජීවත්වන ගැමි ජනතාව අතර ඉමහත් ප්‍රසාදයට පත්ව ඇති මෙම සුන්දර දිය ඇල්ල තවමත් දුෂණයට ලක් නෙවී පවතින්නකි.මෙම දිය ඇල්ලෙන් එක‍ දිගට ගලා බස්නා මහා ජලකද මගලා දොළ හෙවත් මලංකන්ද දොලට එක්ව ,පසුව මා දොළ සමග පැමිණ කහංගම ප්‍රදේශයෙන් කළුගගට එක් වෙයි.හරිත වර්ණ 'ඇහැටුල්ලා'නම් වු සර්ප වීශේෂය බහුලව වෙසෙන‍ මෙම දිය ඇල්ල ඇසුරින් ,දැනට ප්‍රදේශවාසීන්ගේ ජන අවශ්‍යතා සපුරාලනු පිණිස,ප්‍රජා ජල ව්‍යාපෘතියක්ද පටන් ගෙන ඇත.

Thursday, 18 December 2008

සබරගමුව නාමය පිළිබදව විවිධ මත.

'සපරගමුව'හැදින්වීම සදහා 'සපරගමු',යන දෙවදන්ම අඩු වැඩි වශයෙන් පැරණි ලේඛණවල යෙදී ඇත.මේ ප්‍රදේශය හැදින්වීමට ඒ නම යෙදීමේ හේතුව වශයෙන් විවිධ මත ඇති වී තිබේ.එයින් ප්‍රධාන මත පහක් මෙහි ලා කෙටියෙන් දැක්වීම සුදුසු යැයි හැගේ.
1.'සබර යනු වැද්දන් උදෙසා යෙදෙන පදයකි.මේ ප්‍රදේශයේ බහුල වශයෙන් වාසය කළ වැසි ජනයා නිසා 'සබර ගමු'වීය.හය ම 'සපරගමු'ලෙස ව්‍යවහාර වීය,යනු මින් පළමුවන අදහස වේ.
2.අතීතයෙහි සිට මේ රට ග්‍රීක් රට සමග සම්බන්ධතා පැවැත්විණි.මේ නිසා,මේ ප්‍රදේශයේ බහුලව දක්නට ලැබෙන නිල්මැණික් හදුන්වන,ග්‍රීක භාෂාවේ සෆිරෝස් (sappheiros)යන වචනය අනුව 'නිල්මැණික් බහුල ‍පෙදෙස'යන අර්ථයෙන් 'සපරගමු'වීය,යනු දෙවන මතයයි.
3.මේ ප්‍රදේශයේ ජලාශවල 'පෙටියන්'(සඵර)බහුල වීම නිසා 'සපර'වීය යනු තෙවන මතයයි.
4.මේ ප්‍රදේශයේ වනාන්තර වල 'ලොත්'(සබර)ගස් බහුල වීම නිසා මේ නාමය වීය ,යනු සිව්වන මතයයි.
5.'සරබගමුව-සබරගමුව 'විය.'සරබ'යනු වෙළෙන්දෝය.මෙහි මැණික් වෙළෙන්දන්ගේ පැමිණීම නිතර සිදුවය.මේ නිසා මෙම නම විය.
මේ මතවාද විග්‍රහ කිරීම හෝ ඒවා සනාථ කිරීම හෝ අනාථ කිරීමට කරුණු දැක්වීම මෙහි ලා අදහස් කරණු නොලැබේ.

දුන්න දුනු ගමුවේ
ඊතල කිතල ගමුවේ
රාළ මී ගමුවේ
මුවෙක් විද්දයි සපර ගමුවේ

රත්නපුරේ තිරැවාණා කැටියේ දී
කැටන් දොළේ පැල් වාඩාය කොනේ දී
පතුල්පාන වැලිමලුවේ හෙළේ දී
ක‍තෙක් දුටිමි සන්නස්ගම වෙළේ දී

Tuesday, 16 December 2008

රාවණ ඇල්ල




කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ද'අහුපිනි ඇල්ල'යැයි හදුනා ගෙන ඇත්තේ 'රාවණඇල්ල 'බවත්නියමඅහුපිනි ඇල්ල ඊට ආසන්නයේ ඇති බවත් ගම්වැසියන්ගේවිශ්වාසයයි.ඒ අනුව රාවණ හා අහුපිනි නමින් මෙහි දිය ඇලි‍ දෙකක් ඇති බව ගම්‍යවේ.මෙය ප්‍රදේශය හා ආදිවාසින් අතර සම්බන්ධය තහවුරු කරන තවත් සාධකයකි.