
මම බ්ලොග් සටහන් කිරිමට බලාපොරොත්තු වෙමි .මා පිළිබදව හැදින්වීමක් කලහොත් මා ජීවත් වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ නගරයේය. බ්ලොග් සටහනක් කිරීමට අදහස් වුයේ ඒ තුලින් ඔබටද මටද දැනුමක් හා විනොදයක්ද ලැබෙන හෙයිනි . තවද මෙය තමන්ගේ නිදහස් සිතුවිලි එලිදැක්වීමට හොදම තෝතැන්නකි.ඉන්ටනෙට් එකේ ඇති සිංහල බ්ලොග් සටහන් කියවීමේදී මට එය සිතට නැගුනි.ඉතින් මමද බ්ලොග් සටහන කිරීමට බලාපොරොත්තු වන්නේ ඉහත කී සිතුවිල්ල සිතට නැගුන හෙයිනි.මම බලාපොරොත්තුවන්නේ නොයෙක් ප්‍රදේශ තුල තිබෙන සුන්දර ස්ථාන පිළිබදව ඔබට දැන්වීමටයි.මම හැකි පමණින් ඔබට මේ පිළිබද විස්තර ගෙන ඒමට උත්සහ කරමි.මා ඉදිරිපත් කරන අදහස් පිළිබදව ඔබට දෝෂයක් හෝ නොගැලපෙන දෙයක් ඇත්නම් ඔබගේ අදහස්ද මා හට දැනුම් දෙන ලෙස ඉල්ලමි.මා සැරිසැරු මං පෙත් හා සුන්දර ස්ථාන ඔබට ගෙන ඒමට මා මෙතැන් සිට උත්සහ කරමි .
ජිවිතයේ කෙතරම් දුක්කම් කටොළු තිබුනද එවන් අවස්ථා වල වුවද සුන්දර වු ස්වභාදහම තුලින් ඒ දුක මග හරවා ගතහැක.ස්වභාදහම අප සැමගේ ජීවයයි .එයින් තොරව ජීවත්වීමට ඔබටද මටද නොහැකිය.
ස්වභාව දහමේ සුන්දරත්වය පිළිබදව නොයෙක් කවීන්,පද්‍ය රචකයින්,සංගීතඥයින් කවි හා ගීත ස්වභාව සෞන්දර්යෙන් අති නවීන ස්ථාන පිළිබදව ගායනා කොට ඇත. එවන් කවි පිළිබද වද ඉදිරියෙදී ඔබට රසවිදීමට ගෙන ඒමට මා අදහස් කොට ඇත.
ස්වභාව සෞන්දර්ය අප සැමගේ මිතුරෙකි."සැරිසර චාරිකා" මාගේ ගමනේ ආරම්භය මෙලෙසින් සනිටුහන් කරමි.
'මිනිසා උපදින්නේ ,ජීවත් වන්නේ ,මියයන්නේ මේ ස්වභාව ධර්මයට අනුකුලවය. එය ලෝකදර්මතාවයකි.
මාගේ සාර්ථකත්වය ඇති වන්නේ ඔබගේ අදහස් හා යෝජනා මතය.