Wednesday 18 March 2009

රත්නපුර දිස්ත්‍රික්කයේ වෙහෙර විහාර හැදින්වීම. ගල්ටැම්යාය ඓතිහාසික පංචායතනය (පංචාවාසය)

බළන්ගොඩ නගරයේ සිට කල්තොට දක්වා දිවෙන මහා මාර්ගයේ 15වැනි සැතපුම් කණුවට (25 කි.මි.)නුදුරැව දකුණු දෙසට දිවෙන ගුරුපාර ඔස්සේ මීටර් 200ක් පමණ ගිය පසු තන්ජන්තැන්න ග්‍රාම සේවා වසමට අයත් නුතනයේ ගල්ටැම් යාය යනුවෙන් හදුන්වනු ලබන ඓතිහාසික පුරා විද්‍යා භූමිය හමුවෙයි. 1951 වරෂයේ දී පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට පවරා ගනු ලැබු මෙම භූමිය එවකට අක්කර 5ක භූමි භාගයකි වුවද නුතනයේ අක්කර 2,1/2කට වඩා අයත් නොවන බව බුදුගල පුරාවිද්‍යා ස්ථානභාර නිලධාරීන් සදහන් කරයි.මෙහි ගල්ටැමි විශාල ප්‍රමාණයක් තිබීම නිසා ගල්ටැමී යාය වශයෙන් ජනවහරට එක් වීම නිසා වර්ථමානයේද එනමින් පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ නිල වාර්තා වල සදහන් කොට තිබේ.මෙම පුරා විද්‍යා භූමියත් ඊට ආසන්නව ඇති අනෙකුත් පුරා විද්‍යා ස්ථාන වන ඓතිහාසික කූරගල පුරාවිද්‍යා භූමියත් තන්ජම වැව වශයෙන් ජනයා අතර ප්‍රචලිත ඉද්දගල වැවත් පුරාතන ජනාවාස රටාව හා බෞද්ධාගමික පසුබිම පිළිබද දෙස් යෙදේ.මෙම ස්ථානය පිළිබද තොරතුරු සොයා බලා හෙලි කළ අය අතර ප්‍රදේශයේ යතිවරුන්ද කිහිපදෙනෙකි.පුජ්‍ය විකිළියේ නාරද හිමි මෙසේ පවසයි.තන්ජන්තැන්නේ ගල්ටැම් යාය ලෙස භාවිතා කළතත් කුරුදියවල විහාරය කියන්නේ මෙතනටය.මෙතැන ගල්ටැම් බොහෝ ඇත.මෙහි ගරා වැටී ඇති චෙත්‍යය වර්ෂ පහකට පමණ පෙර හාරා නිධන්වස්තු පැහැර ගෙන ඇත.පුජ්‍ය බළන්ගොඩ සුධම්මවංශ හිමිගේ අදහස වුයේ කූරගල අසල තඤ්ජන්තැන්නේගල්ටැම් යාය යැයි හැදින්වෙන පුදේශයේ ඇති ගරා වැටුණු සෑයක් ගල් කණූ වාහල්කඩ ආදියත් කූරගල ගල්ටැම් යාය අතර තැනින් තැන දක්නට ලැබෙන ගල් පඩිත් ඒදෙතැන ඒකාබද්ධ බෞද්ධ ආරාමයන්ව තිබුණු බවට සළකුණුය.(බළන්ගොඩ මහ විද්‍යාලයේ විසි වැනි සංවත්සරික සංග්‍රහය.ශාස්ත්‍රපති පුජ්‍ය බලන්ගොඩ නන්ද හිමි දක්වා ඇත්තේ මෙවන් මතයකි.ගලින්කල ටැම් කුළුණුවලින් පිරි පෞරාණික ප්‍රදේශයක් හැදින්වේ.යාය යනු ප්‍රදේශවාචී වචනයකි.විමලධර්ම සුරිය රජතුමා ගල්ටැමි මත ඉදි කළ දේවාලයක් ඇති බවත් පසු කාලෙක එය විනාශ වී ටැම් තැන් තැන් වල විසිර පැවති බවත් ඒ නිසා ප්‍රදේශය මේ නම් වී යැයි පවසති.දැනට කටු පදුරු හා ලදු කැලෑවකින් වැසී ඇති මේ භුමි ය ගවේශණය කොට පුරා වස්තු හදුනා ගැනිමේ කාර්යය සිදු කිරීමට වුයේ ඉතා අසීරුවෙනි.දැනට සම්පුර්ණයෙන් ඇති එක ගල් ටැබක්වත් මෙම භූමියේ දැක ගත නොහැකි අතර අඩි 1හෝ2,3ක් උස් වු ගල් ටැම් ශේෂ හා පොළොව මත පතිතකර ඇති අඩි 2,4,6,8ප්‍රමාණයේ හා කුඩා ගල් ටැම්කුට්ටි විශාල ප්‍රමාණයක් මෙම භූමියේ ඇත.පෞරාණික ගා‍ඩොල් කැබලි සමුහයක් ද ප්‍රදේශය පුරා විසිර තිබෙනඅයුරු දැක ගැනීමට පුළුවන දැනට ඉතිරව ඇති සියලු ගල් ටැම් හා කැබලි සමුහයද කොරවක් ගල් පියගැට පෙළ මුරගල් කැබලි හා කැටයමින් තොර සදකඩ පහනක්ද ගොඩනැගිලි අවශේෂ අතර විය.මෙම ගොඩනැගිලි අවශේෂ ක්‍රමාණුකූලව හා පරිමාණුකූල වු සැලසුම් ගත කිරීමේ දී පෙනී යනුයේ පංචායතන ගොඩනැගිල්ලක අවශේෂයන් යැයි හැගේ.සමහර විටෙක හුදකලාව පිහිටවන ලද පටිමාඝරයක් වෙනුවට පිළිම ගෙවල කිහිපයකින් සමන්විත පඤ්චකුටි පඤ්ච,ගෘහ,පංචාවාස,පංචායතන යනුවෙන් හැදින්විය හැකි බෞද්ධ ගොඩනැගිල්ලක නටබුන් ඓතිහාසික ගල්ටැම්යාය පුරා විද්‍යා භුමියෙන් හදුනාගත හැකිය.
ගල්ටැම් යාය ඓතිහාසික පංචායතන නටබුන්



සල්ගල බවුන් වඩන හිමිවරු




කූරගල දිවාගුහාව