
ලොව මහා දිය ඇලි
දිය ඇලි කඩා හැලෙන ආකාරය සෘතුවෙන් සෘතුවට වෙනස් වනවා .ජලය මගින් විදුලිය ලබා ගැනීමට
ගංගා හරහා වේලි බැදීම නිසාද දිය ඇලි වල ජලය අඩු වනවා.කොංගෝ ජනරජයේ පිහිටා ඇති
බොයෝමා දිය ඇල්ලෙන් තත්පරයකට ජල ලීටර් මිලියන 17ක් කඩා හැලෙනවා .තත්පරයකදී කඩා
හැලෙන මෙම දිය කද 140,000 කට වැඩි නාන බේසම් ප්‍රමාණයක් පිරවීමට ප්‍රමාණවත්ය.
මහා ගංගා
ගංගාවලින් එකවර මුහුදට එක්වන ජල පරිමාවද සෘතුවෙන් සෘතුවට වෙනස් වෙනවා ඇමේසන් ගගෙන්
තත්පරයකදී මුහුදට එක් වන ජල ප්‍රමාණය නාන බේසම් මිලියන දෙකක් පිරවීමට සෑහෙනවා.
දිය ඇල්ල රට සාමාන්‍ය ගලායාම (තත්පරයට ඝන මීටර්)
බොයෝවා (ස්ටැන්ලි) කොංගෝ 17.000
කොකට් ලාඕසය 11,330
නයගරා(හෝස්ෂු) කැනඩාව 5,830
ග්‍රැන්ඩි උරුගුවේ 4,500
පවුලෝ අෆෝන්සෝ බ්‍රසීලය 2,800
නයගරා

ලොව පුරා පංච මහා විල් යනුවෙන් ප්‍රකට පිරිදිය විල් පද්ධතිය පිහිටා ඇත්තේ උතුරු ඇමෙරිකානු
මහද්වීපයේ ඇමෙරිකාවට හා කැනඩාවට මායිම් වයි.ඉන් විශාලත ම විල වන සුපිරියර් විලට ඒ නම
ලැබී ඇත්තේ විල් පහෙන් සුපිරිම් විල යන අර්ථයෙන් දෙවැන්න වු හියුරොන්ට ඒ නම ලැබුනේ ප්‍රංශ
ජාතිකයින් විසින් ග්‍රෝත්‍රිකයන් හැදින්වු හියුරේ යන නම ඇසුරිනුයි .මිචිගන් විලට නම වැටුනු හැටි
පිළීබදව සදහන් නොවෙයි.අනෙකුත් විල් දෙක ඊරි සහ ඔන්ටෙරියෝයි.ආදිවාසි ඉරොකියොයිස්
ගෝත්‍රික භාෂාවෙන් එම වදන් වල තේරුම පිළිවෙළින් බළලා සහ සුන්දර විල යන්නයි .
ගංගාව පිටතට ගලා යාම සාමාන්‍ය ගලායාම
බ්‍රසීලය
(දකුණු අත්ලන්තික් ) 219.000
ගංගේස් බංගලාදේශය
බෙන්ගාල බොක්ක 43.900
කොංගෝ ඇන්ගෝලා-කොංගෝ 41.800
(සයුරේ) දකුණු අත්ලන්තික්
චැන්ග්
(පියැන්ග්) චීනය /කහ මුහුද 31.900
ඔරිනෝකෝ වෙනිසියුලාව / 31.900
දකුණු අත්ලන්තික්
දිගම ග්ලැසියර
අවසාන අයිස් යුගය තුළ පෘථීවියෙන් 30% කටත් වැඩි ප්‍රමාණයක් ග්ලැසියර්වලින් වැසී තිබුණා
.නමුත් අද වන විට ග්ලැසියර් වලින් වැසී ඇත්තේ 10% ක් පමණ ප්‍රමාණයකි.ලැම්බර්ට් -භිෂර්
ග්ලැසියරය අද ලෝකයේ ඇති දිගම ග්ලැසියරය වන අතර එය සොගනු ලැබුයේ 1956 දීය.
ග්ලැසිරයේ නම පිහිටා ඇති ස්ථානය දිග (කිලෝමීටර්)
ලැම්බර්ට් -ශිෂර් ඇන්ටාර්ක්ටිකාව 515
නොවායා සෙට්ල්යා රුසියාව 418
ආර්ක්ටික් ඉන්ස්ටියුටි ඇන්ටාර්ක්ටිකාව 362
විශේෂිත විල්
ජල ධාරිතාව සහ පැතිරීම අතින් විශාලම විල
කැස්පියන් මුහුද රුපියාව ,කසකස්තානය ,තුර්ක්මෙනිස්තානය ,අසර්බයිජානය ,සහ ඉරානය යන
රටවල් වලට මායිම තිබෙනවා වර්ග කිලෝ මීටර් 3,74,000 ක් පුරා පැතිර ඇති එහි ජල ධාරිතාව
ඝන කිලෝ මීටර් 78,200කි.
ජල ධාරිතාව සහ ගැඹුරු බව අතින් විශාලතම විල
රුසියාවේ බයිකාල් විලෙහි ඝන කිලෝ මීටර් 22,995 ක ජලය ප්‍රමාණයක් අඩංගුය.එහි සාමාන්‍ය
ගැඹුර මීටර් 730ක් වන අතර ගැඹුරුම ස්ථානය මීටර් 1,741ක් වෙනවා
වේගයෙන් අතුරුදන් වන විල
කසකස්තානයට හා උස්බෙකිස්තානයට යට මායිමව පිහිටි ඒරල් මුහුද 1960 දී වර්ග කිලෝ මීටර්
64,501 ක විශාලත්වයකින් යුතු වුණා .ඒත් එය පෝෂණය කරන බෙහෝ ගංගා වාරිමාර්ග
කටයුතු වලදී වෙනත් පැති වලට හරවා යැවීම නිසා අද එය විශාලත්වය වර්ග කිලෝ මීටර්
28,000 යි.
විල පිහිටා ඇති ස්ථානය විශාලත්වය
සුපිරියර් කැනඩාව /ඇමෙරිකාව 82.414
හුරොන් කැනඩාව /ඇමෙරිකාව 59.596
මිචිගන් ඇමෙරිකාව 58.016
ඊරි කැනඩාව / ඇමෙරිකාව 25.719
ඔනිටේරියෝ කැනඩාව /ඇමෙරිකාව 19.477
ලොව දිගම මුහුදු තීරය
දුපත්ද සහිතව කැනඩා මුහුදු තීරය සමකය මෙන් හය ගුණයකටත් වැඩි ප්‍රමාණයක් දිගවේ. ලොව
විශාලතම දුපත වන ග්‍රීන්ලන්තය මෙම ලැයිස්තුවට එකතු නොවන අතර එයට හේතුව වී ඇත්තේ
ග්‍රීන්ලන්තය ඩෙන්මාර්කයේම කොටසක් වීමයි. කෙසේ නමුත් ග්‍රීන්ලන්තයේ මුහුදු තීරය
කිලෝමීටර් 44,087 ක් දිය වේ.
ලොව මිරිදියෙන් සියයට හැත්තෑ පහක් පමණ ග්ලැසියරවල ඇති අතර මෙම ග්ලැසිරය දිය වුවහොත්
මුහුදු ජල මට්ටම මීටර් 70කින් පමණ ඉහළ යයි.
(wORLD OF FACTS කෘතිය )