
උල්පත පසු කර
වැවක් වගේ නතර වෙන්න
නෙළුම් මලක් යට
නිල් දියමත ගල් කැටයක්
වැටුණු වෙලා වට
රැලි දහසක් නැගේවි
රිදිලා හදවත
දුහුවිල්ලෙන් වැදුනු දාක
මුළු මිටියාවත
සිහි කරන්න කදු පාමුල
මව් කිරි උල්පත
ඇල්මෙන් අකුරට ඇවිදින්
අකුරු ඉගෙන ගෙන
කදු මුදුනට නැග බලන්න
ජීවිතයේ උස
3 comments:
මේක ගීතයක් නේද ? මං අහලා තියෙනවා.. මගේ යාලුවෙකුගේ අම්මා එයාට පොඩි කාලේ කියලා දුන්නායින් තමා මාත් දැනගත්තෙ..හරිම ලස්සනයි. අරුත්බරයි.
කුඩා කල ඇසුවාට පසු අහන්න නොලැබෙන සොයමින් හිටි සිංදුවක් මේක.. මුල් පද පෙලෙහි, ගලන්න, ගලන්න ගලන්න , ගලන්න...
ගංඟාවක් වී උල්පත පසුකර.. ඔහොමයි මට මතක තිබුනේ, බොහොම කුඩා කාලේ ඇහුව නිතර ගුවන් විදුලියේ ගියපු සිංදුවක්.
මේක මේ සිංදුවමයි නේද? මෙය ගායනා කරන කෙනාව දන්නවානම් සඳහන් කරන්න පුළුවන්නම් එය මේ ගීතය හොයාගන්න ලොකු උපකාරයක් වෙයි.මේක ලියලා තියෙන්නේ, කවුද කියලා දන්නවනම් වඩා හොඳයි.
මේක ලිව්වෙ රත්න ශ්රී මහත්තයා.
Post a Comment