Tuesday, 11 November 2008

පැහැබර වු අනාගතය


එපා මිතුරනි බලන් ඉන්නට
මල් නොපිපෙයි හැම දිනකම
මල් පාවඩ නොම ඇදේවි
නුඔ යන මග පිළිගන්නට
තුහිත ඉසින සද එළිය
නිශා කතේ තනි රකින්න
‍ නොපෙනීයයි වලා කුලේ
අපෙ දෑසට නොපෙනෙන්නට
බාධක දැනයන මග
පිළිගනු මැන දිරිය සිතින්
ඉතින් මිතුරනි දැනගත
නොම වේය ලොව ලස්සන
දුක සැප සම සිතින් දරා
හිනහෙනු මැන හෙට දිනයක
කටු කොහොලින් පිරැනු ඔබේ
සවිමත් වු දෙපා මතින්
ඇවිද ගොසින් දිනාගන්න
එවිට නුඔට උදානවේවි
පැහැබර වු අනාගතේ

No comments: