
පුරා වසර ගනනාවක්
මා ලංව උන් ඒ
රන් සමනල මතක ඉම
සැබැවින්ම සුන්දරයි
ඒ මල් වසන්තය පුරා
ලයාදරත්වයෙන් මා
ලංව උන්නෙමු
පොත් මිටිය
ලයට තුරැළු කර
රැලි හයේ සුදු ගවුම ඇද
පියමැන්න පාසල් මාවතේ
අපේ සිනා හඩ තවම රැදිලා
තිබෙනු ඇත
ඒ මල් මාවතේ
කොපමණ ගියත්
ඉතිරිව තිබුනේ
වෙන්වීම පමණයි
යහළු යෙහෙලියන් සමගින්
පෙර දිනක හමුවු පාසල
කෙසේ අමතක කරන්නද
කෙසේ අරුත් දෙන්නද
No comments:
Post a Comment