Monday 17 November 2008

අපි ගමනක් යමුද? මෙය ඔබ එදිනෙදා යන ගමනක් නොවේ.මේ ගමන හරිම සුන්දරයි ඒවගේම සිත ඇද බැද ගන්නා සුළුයි. (පලමු කොටස)

තුෂර පින්නෙන් වැසී ගිය
සීතල කදු මුදුන් සිසාරා
හමා එන මද නල
සිතට සැනසුමකි
උදැසන මලින් වැසීගිය
ඈත කදුයාය දකිත්ම
මා සිතට නැගෙනුයේ
ඉපිලිගිය සතුටකි
කුරැලු කිරිලියෝ
කෙලිදොලින් ප්‍රීති වන
ඉසව්වක
විටෙක මෙ ඉසව්වෙහිම
ජීවිතය ගෙවන්නට සිතුනි
සෑම උදෑසනක්ම දිනයක්ම
සාර්ථකය
ඉදින් මෙවන් පෙදෙසකට
කෙසේ අරුත් දෙන්නද
කෙසේ අමතක කරන්නද
මිහිදන් කර ඒ මතකය
හැරයන්නට
නොහැකිය කිසිදාක

අමතක කල නොහැකි නමුත් මතකය ආවර්ජනය කල හැකිය .ඒ මතකයෙන් බිදක්
ඔබටද දැන ගැනීමට ඉඩ සලසා දීමට මට සිතුනි.

අති රමණීය වු බෙලිහුල්ඔය ස්වභාව සෞන්දර්ය අතින් විශාල පිරිසකගේ ආකර්ශනය දිනාගත්ප්‍රදේශයකි මෙම
ප්‍රදේශය.මෙය පිහිටා තිබෙන්නේ සබරගමුව පලාතෙහි රත්නපුර දිස්ත්‍රික්කයේහිය.සබරගමුව ස්භාවසෞන්දර්ය අතින් ප්‍රසිද්ධ ප්‍රදේශයකි.ඔබ කොළඹ සිට පැමිනෙන්නේ නම් බෙලිහුල්ඔයට අත්තේ 160km බෙලිහුල්ඔය සිට හපුතලේට ඇත්තේ 28kmකි.මෙ ප්‍රදේශය පුංචි නුවරඑලියක් ලෙස මට කිවහැකිය.බලං‍‍ගොඩ සිට බෙලිහුල්ඔයට ඉතා කෙටි දුරකි. මා හට මෙම ප්‍රදේශයට එතරම් දුරක් නොමැත.
මේ ප්‍රදේශයේ සුන්දරත්වය කියා නිම කල නොහැකිය.මතකයෙන්ද කිසිදාක ඇත්
නොවෙයි.බෙලිහුල්ඔය ස්වභාව සෞන්දර්යෙන් අනුන පෙදෙසකි.මේ සුන්දරත්වය දැක
නොමැති අයගේ දැනගැනීමට සැලැස්වීම මගේ අරමුණයි.මේ සුන්දරත්වය ලිවීමට පෙර මේ ප්‍රදේශය පිළිබද ව දැනුවත් වීම වැදගත්ය.රත්නපුර දිස්ත්‍රික්කයේ සබර‍ගමුව පළාතෙහි ඉඹුල්පේ ප්‍රාදේශිය ලේකම් කොට්ටාශයෙහි
පාලනයට නතුව බෙලිහුල්ඔය ප්‍රදේශය පිහිටා ඇත.බෙලිහුල්ඔය පසුකල විට අපට
හමුවන්නේ ගලගම,කරගස්තලාව පඹහින්න යන ප්‍රදේශයි.පඹහින්න හන්දියෙන් හැරී
ටික දුරක් ගිය විට සබරගමුව විශ්වවිද්‍යාලය අපට හමු වෙයි.ඉන් ඔබ්බට ගිය විට සුන්දර
ප්‍රදේශයන් අපට හමු වෙයි.කුඹල්ගම ,ඕලිතැන්න ,මුත්තේට්ටුවේගම,කිංචිගුනේ
ප්‍රදේශද හමු වෙයි.‍බෙලිහුල්ඔය වඩාත් සුන්දර වි තිබෙන්නේ පිහිටා තිබෙන කදු,ලදු
කලෑ ආදිය හේතුවෙනි.ඒ වගේම මෙම ප්‍රදේශයේ පවතින සම දේශගුණය
හේතුවෙනි.මිශ්‍ර දේශගුණයක් පැවතිම මෙහි සුන්දරත්වය‍ට වඩාත් බලපා ඇත.මෙම
ප්‍රදේශයන්හි විශාල පිරිසක් ජීවන කර්මාන්තය ලෙස ගොවිතැන් කිරීම සිදුකරයි.
බෙලිහුල්ඔය සුන්දර වීමට තවත් බොහෝ සාධක ප්‍රමාණයක් මෙම ප්‍රදේශයට ගිය විට දැක බලා ගත හැක.
අසුන්දර වු මින්සුන් අතර සුන්දර වු මින්සුන් ඇත්තා සේම ලෝකයක අසුන්දර තැන් සේම සුන්දර තැන්ද ඇත.එයට හොදම නිදසුනකි බෙලිහුල්ඔය.බෙලිහුල්ඔය කෙතරම් සුන්දර ද කිවහොත් එම ප්‍රදේශය පිළිබදව ගී පද පවා ගොතන්නට සංගීතඥයන්ට අශාවක් ඇති වුයේ මෙම සුන්දරත්වය නිසා වෙන්නට පුළුවන.

සමනල වැව පුරවන්නට
බෙලිහුල්ඔය ගලා ඇවිත්
ආදර කදු තරනය කර විහගත්
අදවෙන්ව ගිහින්
මෙම ගීතය නිර්මාණය කර ඇත්තේ ‍මෙම බෙලිහුල්ඔය සම්බන්ධ කොටගෙනය.


ස්වභාදහම පිළිබද කතා කරන විට මට මෙවන් දෙයක් මතකයට නැගිනි.p.B.අල්විස් පෙරේරා නැමැති කවියාගේ ස්වභාව සෞන්දර්ය වස්තු විශය කරගෙන නිර්මාණය කල උක් දඩු දුන්න කාව්‍ය සංග්‍රහයේ එන

ඔබරෙකු සෙයින් සිරවුනු නෙළුමක පතුල
සංගීතයත් නැග එයි හදවත ඇතුල
සැන්දෑ වලාවක සිට තොල් පෙති මතුල
ස්වභාදහම ඔබ රෝහිණි මම අතුල

ස්වභාව දහම තරුණියකට හා තරුණයෙකුට උපමා කරමින් කාව්‍ය නිර්මාණ කලේ ස්වභා දහමේ තිබෙන සොදුරු බව නිසාය.
මම දැන් පිවිසෙන්නේමෙම බෙලිහුල්ඔය ප්‍රදේශයේ සෞන්දර්ය,විශේෂත්ව ලක්ෂණ හා සුන්දරවු ස්ථාන පිළිබද ලිවීමටයි.

2 comments:

සරත් ගුණතුංග said...

1960 අවුරුද්දේ නිශ්පාදිත ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සන්දේශය චිත්‍රපටියෙ පෘතුගීසි බලකොටුව හැදුවෙත් බෙලිහුල් ඔය, ඒත් ඔබ කියන සුන්දරත්වය නිසා.
මම ඒක බලන්න ඇවිත් තියෙනවා.

Harshana said...

මමත් කිහිප වතාවක් ඔය පැත්තට ඇවිත් තියෙනව. බෙලිහුල්ඔය නම් කියල වැඩක් නෑ. නුවර එළියෙ ඉන්න කාලෙ ගියාට වැඩි දෙයක් නොදැකත් නුවර එළියෙන් ඇත් වෙන්න වෙන්න බෙලිහුල්ඔය, බණ්ඩා‍රවෙළ පැත්‍තෙ අමුතු ලස්සනක් දකිනව. දුෂ්කර පලාතක්(මට) වුනත් අපගේ අවෂ්‍යතාවයන්ට ගැලපෙන විදිහට සකස්වෙලා තියෙනව.

බොහොමත්ම ස්තූතියි මෙ වැනි දේ ලිවීම සම්බන්ධව, දිගටම ලියන්න, මොකද අපි වැඩිපුරම සොබා සෞන්දාර්ය විදින්නෙ පරිගණකයෙන්නෙ.. :)