Monday 17 November 2008

අපි ගමනක් යමුද? මෙය ඔබ එදිනෙදා යන ගමනක් නොවේ.මේ ගමන හරිම සුන්දරයි ඒවගේම සිත ඇද බැද ගන්නා සුළුයි. (පලමු කොටස)

තුෂර පින්නෙන් වැසී ගිය
සීතල කදු මුදුන් සිසාරා
හමා එන මද නල
සිතට සැනසුමකි
උදැසන මලින් වැසීගිය
ඈත කදුයාය දකිත්ම
මා සිතට නැගෙනුයේ
ඉපිලිගිය සතුටකි
කුරැලු කිරිලියෝ
කෙලිදොලින් ප්‍රීති වන
ඉසව්වක
විටෙක මෙ ඉසව්වෙහිම
ජීවිතය ගෙවන්නට සිතුනි
සෑම උදෑසනක්ම දිනයක්ම
සාර්ථකය
ඉදින් මෙවන් පෙදෙසකට
කෙසේ අරුත් දෙන්නද
කෙසේ අමතක කරන්නද
මිහිදන් කර ඒ මතකය
හැරයන්නට
නොහැකිය කිසිදාක

අමතක කල නොහැකි නමුත් මතකය ආවර්ජනය කල හැකිය .ඒ මතකයෙන් බිදක්
ඔබටද දැන ගැනීමට ඉඩ සලසා දීමට මට සිතුනි.

අති රමණීය වු බෙලිහුල්ඔය ස්වභාව සෞන්දර්ය අතින් විශාල පිරිසකගේ ආකර්ශනය දිනාගත්ප්‍රදේශයකි මෙම
ප්‍රදේශය.මෙය පිහිටා තිබෙන්නේ සබරගමුව පලාතෙහි රත්නපුර දිස්ත්‍රික්කයේහිය.සබරගමුව ස්භාවසෞන්දර්ය අතින් ප්‍රසිද්ධ ප්‍රදේශයකි.ඔබ කොළඹ සිට පැමිනෙන්නේ නම් බෙලිහුල්ඔයට අත්තේ 160km බෙලිහුල්ඔය සිට හපුතලේට ඇත්තේ 28kmකි.මෙ ප්‍රදේශය පුංචි නුවරඑලියක් ලෙස මට කිවහැකිය.බලං‍‍ගොඩ සිට බෙලිහුල්ඔයට ඉතා කෙටි දුරකි. මා හට මෙම ප්‍රදේශයට එතරම් දුරක් නොමැත.
මේ ප්‍රදේශයේ සුන්දරත්වය කියා නිම කල නොහැකිය.මතකයෙන්ද කිසිදාක ඇත්
නොවෙයි.බෙලිහුල්ඔය ස්වභාව සෞන්දර්යෙන් අනුන පෙදෙසකි.මේ සුන්දරත්වය දැක
නොමැති අයගේ දැනගැනීමට සැලැස්වීම මගේ අරමුණයි.මේ සුන්දරත්වය ලිවීමට පෙර මේ ප්‍රදේශය පිළිබද ව දැනුවත් වීම වැදගත්ය.රත්නපුර දිස්ත්‍රික්කයේ සබර‍ගමුව පළාතෙහි ඉඹුල්පේ ප්‍රාදේශිය ලේකම් කොට්ටාශයෙහි
පාලනයට නතුව බෙලිහුල්ඔය ප්‍රදේශය පිහිටා ඇත.බෙලිහුල්ඔය පසුකල විට අපට
හමුවන්නේ ගලගම,කරගස්තලාව පඹහින්න යන ප්‍රදේශයි.පඹහින්න හන්දියෙන් හැරී
ටික දුරක් ගිය විට සබරගමුව විශ්වවිද්‍යාලය අපට හමු වෙයි.ඉන් ඔබ්බට ගිය විට සුන්දර
ප්‍රදේශයන් අපට හමු වෙයි.කුඹල්ගම ,ඕලිතැන්න ,මුත්තේට්ටුවේගම,කිංචිගුනේ
ප්‍රදේශද හමු වෙයි.‍බෙලිහුල්ඔය වඩාත් සුන්දර වි තිබෙන්නේ පිහිටා තිබෙන කදු,ලදු
කලෑ ආදිය හේතුවෙනි.ඒ වගේම මෙම ප්‍රදේශයේ පවතින සම දේශගුණය
හේතුවෙනි.මිශ්‍ර දේශගුණයක් පැවතිම මෙහි සුන්දරත්වය‍ට වඩාත් බලපා ඇත.මෙම
ප්‍රදේශයන්හි විශාල පිරිසක් ජීවන කර්මාන්තය ලෙස ගොවිතැන් කිරීම සිදුකරයි.
බෙලිහුල්ඔය සුන්දර වීමට තවත් බොහෝ සාධක ප්‍රමාණයක් මෙම ප්‍රදේශයට ගිය විට දැක බලා ගත හැක.
අසුන්දර වු මින්සුන් අතර සුන්දර වු මින්සුන් ඇත්තා සේම ලෝකයක අසුන්දර තැන් සේම සුන්දර තැන්ද ඇත.එයට හොදම නිදසුනකි බෙලිහුල්ඔය.බෙලිහුල්ඔය කෙතරම් සුන්දර ද කිවහොත් එම ප්‍රදේශය පිළිබදව ගී පද පවා ගොතන්නට සංගීතඥයන්ට අශාවක් ඇති වුයේ මෙම සුන්දරත්වය නිසා වෙන්නට පුළුවන.

සමනල වැව පුරවන්නට
බෙලිහුල්ඔය ගලා ඇවිත්
ආදර කදු තරනය කර විහගත්
අදවෙන්ව ගිහින්
මෙම ගීතය නිර්මාණය කර ඇත්තේ ‍මෙම බෙලිහුල්ඔය සම්බන්ධ කොටගෙනය.


ස්වභාදහම පිළිබද කතා කරන විට මට මෙවන් දෙයක් මතකයට නැගිනි.p.B.අල්විස් පෙරේරා නැමැති කවියාගේ ස්වභාව සෞන්දර්ය වස්තු විශය කරගෙන නිර්මාණය කල උක් දඩු දුන්න කාව්‍ය සංග්‍රහයේ එන

ඔබරෙකු සෙයින් සිරවුනු නෙළුමක පතුල
සංගීතයත් නැග එයි හදවත ඇතුල
සැන්දෑ වලාවක සිට තොල් පෙති මතුල
ස්වභාදහම ඔබ රෝහිණි මම අතුල

ස්වභාව දහම තරුණියකට හා තරුණයෙකුට උපමා කරමින් කාව්‍ය නිර්මාණ කලේ ස්වභා දහමේ තිබෙන සොදුරු බව නිසාය.
මම දැන් පිවිසෙන්නේමෙම බෙලිහුල්ඔය ප්‍රදේශයේ සෞන්දර්ය,විශේෂත්ව ලක්ෂණ හා සුන්දරවු ස්ථාන පිළිබද ලිවීමටයි.

Tuesday 11 November 2008

පැහැබර වු අනාගතය


එපා මිතුරනි බලන් ඉන්නට
මල් නොපිපෙයි හැම දිනකම
මල් පාවඩ නොම ඇදේවි
නුඔ යන මග පිළිගන්නට
තුහිත ඉසින සද එළිය
නිශා කතේ තනි රකින්න
‍ නොපෙනීයයි වලා කුලේ
අපෙ දෑසට නොපෙනෙන්නට
බාධක දැනයන මග
පිළිගනු මැන දිරිය සිතින්
ඉතින් මිතුරනි දැනගත
නොම වේය ලොව ලස්සන
දුක සැප සම සිතින් දරා
හිනහෙනු මැන හෙට දිනයක
කටු කොහොලින් පිරැනු ඔබේ
සවිමත් වු දෙපා මතින්
ඇවිද ගොසින් දිනාගන්න
එවිට නුඔට උදානවේවි
පැහැබර වු අනාගතේ

Thursday 6 November 2008

සොයුරිය


මනෝහර පිනිබිදත්
සුන්දර උදෑසනත්
තාවකාලිකය
ළුහෙත්
අවංක සහෝදර කමත්
නොසැලෙන හදවතත්
සදාකාලිකය
ඉතිං සොයුරිය
හදවතින් නැගි
මුවින් පිටවන
අවංක සිනහව
නිතැතින්ම ඔබ තුල
රදවා ගන්න
සහෝදරත්ව‍යේ
නාම‍යෙන්

සුන්දර වු පාසල් දිවිය


පුරා වසර ගනනාවක්
මා‍ ලංව උන් ඒ
රන් සමනල මතක ඉම
සැබැවින්ම සුන්දරයි
ඒ මල් වසන්තය පුරා
ලයාදරත්වයෙන් මා
ලංව උන්නෙමු
‍පොත් මිටිය
ලයට තුරැළු කර
රැලි හයේ සුදු ගවුම ඇද
පියමැන්න පාසල් මාවතේ
අපේ සිනා හඩ තවම රැදිලා
තිබෙනු ඇත
ඒ ‍මල් මාවතේ
කොපමණ ගියත්
ඉතිරිව තිබුනේ
වෙන්වීම පමණයි
යහළු යෙහෙලියන් සමගින්
පෙර දිනක හමුවු පාසල
කෙසේ අමතක කරන්නද
කෙසේ අරුත් දෙන්නද

වෙන්වීම

පිබුදුනු කුසුමක
පෙති මත රග දෙන
පිණි බිදු දවසක වියැලේවි
වෙන්ව ගියත් අප
එලෙස බොහෝ දුර
මතකය අමතක නොම වේවි
‍මේ පත් ඉරමත
ඇමුණුන අකුරක
සෙනෙහස ඔබ හට සිහි වේවි
නු‍ඹේ මුවග රැදි
ඒ හසරැල්ලත්
හදවත පතුලේ සුරැකේවේවි

ජීවිතය

ගගක්වෙලා දුර ගලන්න
උල්පත පසු කර
වැවක් වගේ නතර වෙන්න
නෙළුම් මලක් යට
නිල් දියමත ගල් කැටයක්
වැටුණු වෙලා වට
රැලි දහසක් නැගේවි
රිදිලා හදවත
දුහුවිල්ලෙන් වැදුනු දාක
මුළු මිටියාවත‍
සිහි කරන්න කදු පාමුල
මව් කිරි උල්පත
ඇල්මෙන් අකුරට ඇවිදින්
අකුරු ඉගෙන ගෙන
කදු මුදුනට නැග බලන්න
ජීවිතයේ උස

Sunday 2 November 2008

‍සෙබඑනි




එපා සෙබඑනි දුක් වන්නට - මල් නොපි‍පෙයි හැම දිනකම
ඔබ ගව්ගනනක් ඈත සිටියද -සිතින් ඔබඅප සමග රැදෙයි
හැමදිනකම
ජීවිතය ඔහේ ගලා යන්නට ඉඩදී -සිටින මිනිසුන්ට වඩා
ඔබ ඉටු කරන්නේ උත්තරීතරවුත්- ශ්‍රේෂ්ඨවුත් කාර්යයකි
එනම් ඔබගේ ජවිතය කැපකොට - අපගේ ජීවිතය රැක දීමයි

කුසට අහරක් නොමැතිව -‍බොන්නට දිය බිදක් නොමැතිව
ඔබ ගෙවනා ජීවිතය -පුදුම සහගතය
කුරිර වු ලෝකය- ඔබට ගෙන එන්නේ කදුලැල්ලපමණකි
ඔබට අද දින ජීවිතය විදවන්නටවුවද - දවසක් උදා වේවි
ප්‍රිතියේ ජය පැන්පානයට
එවන් දිනයක් උදාවන තුරැ
-බලා සිටිමු අපි නෙත් හෙලා


මමද මුඑ ලෝකයාද හදපිරි ආශාර්වාදය ඔබට හැම තප්පරයක් පාසාම පුදකරමි.

චිරං ජයතු