Sunday 4 January 2009

මාපලාන දිය ඇල්ල



රුවන්පුර නගරයේ සිට ශ්‍රීපාද මාවත ඔස්සේ සැතපුම් 14ක් පමණ දුර ගෙවා ශ්‍රී පලාබද්දලකඩමන්ඩියෙන් දකුණට හැරී මීටර් 100ක් පමණ ගිය පසු හමුවන මාපලාන ගම්මානයේපිහිටා ඇති 'මාපලාන දිය ඇල්ල' සොබාදහම් මෑණියගේ අනගි දායාදයකි.මෙය පිහිටි ගමද දියඇල්ල නිසා ප්‍රසිද්ධියට පත්ව ඇත.ගම්මානයේ සිට දිය ඇල්ල දක්වා මාර්ගයසැතපුම් 1 1/2ක් පමණ වේ .මේ අතර තුර මාර්ගයේදී හමුවන 'හාල්මැලි ඇල්ල'ද සොබා සිරි නරඹන්නට අමතක නොවන රසදුනක් වනු ඇත .ඇල්ලට පහළින් පිහිටාඇති ලෑලි පාලමකි.එම පාලමින් එගොඩ වී ගල් කුළු මතින් පැන පහසුවෙන් ම ඇල්ලඅසලට ළගා විය හැක.සිරිපා අඩවියේ කොන්ඩගල නම් ස්ථානය සිට හීන් ඇල්ල ඔයලෙස ගලා ඇවිත් පටු නිම්නයක් හරහා ගඹුරු ප්‍රපාතයකට ඇද හැලී මහල් තුනකින්යුක්තව නිර්මාණය වි ඇතිමේ ඇල්ල,අඩි 600ක් පමණ උසය .දිය ඇල්ලේසුන්දරත්වය තවත් ඔපවත් කරන්නේ මෙම ඇල්ල මුදුනේ මදක් නැමී ගිය රිදී හවඩියක්වැනි කොටසක් මගිනි.ඇල්ලේ දර්ශනිය ම කොටස වනුයේ පළමු හා නදවැනිකොටස්ය.ප්‍රදේශයකට සංවහන වැසි ලැබෙන මාර්තු ,අප්‍රේල් මාසවල මෙම දිය ඇල්ලේධාරාව එකම දිය කදක් ලෙස පහතට කඩා වැටෙන බැවින් ,ඇල්ලේ සුන්දරත්වය හා උසප්‍රමාණය පෙරට වඩා වැඩි වී පෙනේ .රත්නපුර දිස්ත්‍රික්කයේ දිය ඇලි අතරින් උසම දියඇල්ල මෙය වේ. ප්‍රාදේශීය නායකයෙක් ව්‍ර 'මාපා' දිය නෑ ඇල්ල 'මාපා නානුඇල්ල'බවට පත්වී ,පසුව එය 'මාපලාන ඇල්ල'වු බව ප්‍රවාදයයි.ඇල්ලේ අද්භූතබලයක් පවතින බව විශ්වාශ කරන ගම්මුන් කොහොඹ කංකාරිය,පයන් මඩු ,ගම්මඩු
වනි ශාන්ති කර්ම වල දී කිල්ලට අසුනොවන පරිදි අදුම් ඇදීම මෙහිදී කළ බව ප්‍රකටයි.නියං කාලවලදී වර්ෂාව ලබා ගැනීම සදහා ඇල්ල ඉහළට ගොස් මේ යාඥාව කිරීමට අදපවා ගැමියෝ පෙළබෙති.
"ප්‍රේමත් සමත්තකූට විමානාධිවාසිහු සුගත පදහං සාරා.....සුගත පද ලාංජනහංසයානමාන සබරගමු මන්දි රාජිරාජිතයෙන් රෝගාද්පත්ති මාර්ග පතිපන්න තව්තිසා දිව්‍ය ලෝකයාදිපති ව වැඩ වාසස්ථානය කරවදාරන්නා වු ශ්‍රී සුමන දිව්‍යරා‍‍ජෝත්තමයාණන් වහන්සේට සැල කරන්න කන්නලව්ව අද මේ ගම්මන්ඩියට වැසිනැති වෙලා තියන දේ තමුන්වහන්සේලාගේ දිවැසට පෙනී දිවැසින් දැක මෙය සහන කරදෙන මෙන් දේවතාවුන් වහන්සේලා‍ට සැලකර සිටින්නේය."මේ ඇල්ල හාසම්බන්ධවඓශ්චර්යමත් සිද්ධීන් රාශියක් සිදුව ඇති සැටි ගැමියෝ අදද කියති.අසල ගල්වල ඇති රූප සටහන්,සැගවී ඇති තෙල් වර්ග ,මේ හරහා ශ්‍රීපාදස්ථානය වන්දනාවේ ගියසුරන්ගනාවියන් බටනලා පිඹි තරුනයන් ආදීහු මේ අපුරු කථාවන්ට පසුබිම් වේ.විවිධ රෝග සදහා යොදාගන්නා ඹෟෂධ වර්ග මේ අවට කැලෑවේ ඇති අතර ආවේණිකපක්ෂී,සිවුපා උරග ආදීන්ටද එය තෝතැන්නක් වෙයි.ප්‍රචාර කටයුතු මගින් ප්‍රසිද්ධියක්ලැබුනහොත් මෙම උස් දිය ඇල්ල රටට විදේශ විනිමය උපයන උල්පතක් වනු නිසැකය.

1 comment:

Digital Writer said...

මමත් දිය ඇලි රසිකයෙක්, ඉතාම අගනා බ්ලොග් සටහනක්.
http://www.sinhalablog.com/