Wednesday 14 January 2009

සබරගමුවේ නිජබිම කොටගත් වෙසක් මල


රත්නපුර දිස්ත්‍රික්කයේ තෙත් වැසි වනාන්තරවල තුරු මුදුන් සිසාරා අපි ශාකයක් ලෙස දක්නට ලැබෙන සුවිශේෂී මනස්කාන්ත පුෂ්පයක් වේ.'වෙසක් මල' නමින් අප දන්නා මෙහි විද්‍යාත්මක නාමය (DendroBium maccatieas)වේ.උඩවැඩියා විශේෂයක් වු එය රාජ්‍ය වර්ෂ 1864 දී ‍මෙරට සිටි ප්‍රාදේශිය‍ ලේකම්වරයෙකු වු මැකාති මහතාගේ බිරිදගේ නමින් හදුන්වන ලද බව කියැවේ.රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සිංහරාජය,සිරිපා අඩවිය ආදී තෙත් වැසි වනාන්තර සුලබ ව දක්නට ලැබුණු මෙම ශාඛය ,එම දිස්ත්‍රික්කය පුරා ගෙවතු වලද වතුවලද ගස් කොළන් ආශ්‍රයේ ද මනාව වැඩුණු බව ප්‍රචලිතය.
01)උද්භිද විද්‍යාත්මක පසුබිම‍
මෙහි උද්භිද විද්‍යාත්මක නාමය ඩෙන්ඩ්‍රෝබියුම් මැකාති නම් වේ.(Dendrobium maccatieas)මෙය ඒක බීජ පත්‍ර ශාකයක් වන අතර මුදුන් මුලක් නැත.ඕකිඩාසේ කුලයට අයත් මෙය අපිශාකයක් ලෙස වැවේ. මුල් දෙවර්ගයක් ඇත.
01)ධාරකයට සවි කර ගෙන සිටින ආලග්න මුල්
02)කදෙහි හටගන්නා වාතයේ එල්ලෙන වායුව මුල්
ආලග්න මුල් බොහෝ විට බිස්සක් ලෙස වැඩෙන නිසා හ්වා අතර දුවිලි දිරා යන පත්‍ර ආදිය එකතු වී කෘතිම පසක් පිළීයෙල වේ. වර්ෂාව ඇති විට ලැබෙන ජලය මෙම කෘතිම පසට උරා ගැනීම සිදුවේ.වායුව මුල් සුදට හුරු කොළ පැහැයක් පෙන්වයි.මේවායේ පිටතින්ම පිහිටා ඇති තත්වය නම් පටකය මගින් වාතයේ ඇති ජල වාෂ්ප සහ වර්ෂාවෙන් ලැබෙන ජලය උරා ගනු ලැබීමය.ජලය උරා ගත් පසු ඒවා තද කොළ පැහැයක් ගනී.ජලය නොලැබෙන කාලවලදී මෙම අපිශාකය තරමක් දුරට ශුෂ්කරෑපී ලක්ෂණ පෙන්වයි.පත්‍ර මාංශලය 4cm-8cm පමණ දික්වේ.ඝනය තද උච්චර්මයක් ඇතිවා පමණක් නොව පුටිකා පිහිටන්නේ ද ස්වල්ප වශයෙනි‍.ඒවා ගිලුන පුටිකා වේ.පුෂ්ප ලා දම් පැහැයක් ගනී.පුෂ්ප මංජරියක් දක්නට ලැබෙන අතර ඒවායේ10-50ක් අතර සංඛ්‍යාවක් හටගනී.මැයි සිට ජුලි කාලය තුල හට ගන්නා පුෂ්ප මසක් පමණ කාලයක් පර නොවී පවතී.පුෂ්ප දල 6කින් යුතුය.වලය2කි පිටවලයේ දල සමාන වේ .එක් පුෂ්ප පත්‍රයක් අධරිකාව බවට විකරණය වී ඇත.පුෂ්ප වල පරාගනය කෘමින් මගින් සිදු වේ.
02)දේශගුනය
මේ ශාකය සදහා උෂ්නත්වය සුර්යාලෝකය හා සාපේක්ෂ ආර්ද්‍රතාවය වැදගත් වේ.සෙ.25'-30'දිවා උෂ්ණත්වයද සෙ.15'රාත්‍රී උෂ්ණත්වය ද සුදුසුය . 70%-75% දක්වා වායුගෝලීය ආර්ද්‍රතාවයද 55%-60%අතර සුර්යාලෝකයද තිබිය යුතුය.වාර්ෂික වර්ෂාපතනය සෙ.මි.300-400 අතර තිබිය යුතුය.රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති වැසි වනාන්තර වල මේ දේශගුණික තත්වය ඇත.
03)වද වී යාමට හේතු
දශක තුනකට පමණ ඉහත රත්නපුර දිස්ත්‍රික්කයේ තිබු සියලු වනාන්තරවල මෙන්ම ගෙවතුවලද දක්නට ලැබුන මෙම උඩවැඩියා ශාකය අද ප්‍රදේශ කීපයක පමණක් දක්නට ඇත.සීඝ්‍ර ජනගහන වර්ධනය නිසා කැලෑ එළි කිරීම මෙන්ම නොයෙකුත් සංවර්ධන ක්‍රියාවලියන් නිසාද මෙම පැලෑටිය වදවී යාමේ තර්ජනයට බලපා ඇත.මෙහි වටිනා කම පිළිබද ජනතාව දැනුවත් නොවීමද තවත් කරුණකි.තත්වය මෙසේ පැවතිය හොත් නුදුරු අනාගතයේදී මෙම ශාකය මෙරටින් තුරන් වීම නොවැළැක්විය හැක.අන්තර් ජාතික ස්වාභාවික සම්පත්සංරක්ෂණ සංවිධානය(IUCN)මගින් ප්‍රකාශයට පත් කර ඇති මිහිතලයේ වදවී යාමේ තර්ජනයට මුහුණපා සිටින ජීවීන්ගේ තොරතුරු ඇතුළත් රතු දත්ත පොත(Red Data Book)මගින් මේ බව පෙන්වා දී ඇත.එහෙයින් මෙම වටිනා දුර්ලභ ශාකය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන සහ නොයෙකුත් පරිසර සන්විධාන උනන්දුවන් දැක්වියයුතු කාළය එළඔ ඇත.දැන දැන අහිමි වන බොහෝ දේ අපට ඇත. නොදැනීම අහිමි වන දේ ද අපට ඇත.අහිමි වන බව නොදැන ම අහිමි වන දේ ද අපට ඇත.ශ්‍රී ලංකාවේ කැලෑමල් සම්පතද අප නොදැනම අපට අහිමි වන එවැනි සම්පතකි.කැලෑමල් අතර රැජිනක් වැනි අපට ම ආවේනික වු 'වෙසක් මල්' නැමැති උඩවැඩියා විශේෂ රැක නොගතහොත් නුදුරු අනාගතයේ දී එය සබරගමුවෙන් මෙන්ම මෙරටින් ද සමුගන්නා බව ස්ථීරය. එවිට සබරගමුවට සුවිශේෂි උරුමයක් ද අහිමි වනු නියතය.

3 comments:

සජීව විජේවීර said...

රතු දත්ත පොත නිකුත් කරන්නේ INCN ආයතනය නෙවෙයි. එය සිදුකරන්නේ IUCN මෙය නිවැරදි කරන්න. ඔබේ උත්සාහය ඉතාමත්ම වටිනවා. ඒත් ඔබ විද්‍යාත්මක නම ලියා ඇති ආකාරය වැරදියි. විද්‍යාත්මක නමක් කවදාවත් කැපිටල් අකරෙන් ලියන්නේ නැහැ. සාමාන්‍ය ඉංග්‍රීසි අකුරැ භාවිතා කරනවානම් ආරම්භය කැපිටල් අකුරක් වී අනිත්වා සිම්පල් විය යුතුයි.දෙවැනි වචනය සම්පූර්ණයෙන්ම සිම්පල් අකුරැ විය යුතුයි. ඒ වගේම සාමාන්‍ය අකුරැ භාවිතා කරනවානම් ඒ වචන දෙක යටින් ඉරි ඇදිය යුතුමයි. නැත්නම් ඇල අකුරෙන් සටහන් වෙන්න ඕන. මම මේවා ලිව්වේ ඔබව අපහසුතාවකට පත්කරන්න නෙවෙයි.

malee_msg said...

මම අදමයි දැක්කේ.. ස්තූතියි විස්තර වලට

අනුර නිශාන්ත මාරපන ( ශා අ. උපදේශක) said...

මම අද දැක්කේ හරිම වටිනවා මම රත්නපුර ඉන්නේ මට කියලා දෙනවද බිලෙගර්වල බලන මිටරය හදන්නේ කොහොමදකියලා