Friday 9 January 2009

ශ්‍රී පාදයේ සිරිත් විරිත්


පෙර ශ්‍රීපාද වන්දනා ගමන හදුන්වා ඇත්තේ "කරුණා කරනවා" යනව්‍යවහාරයෙනි.මෙහි කරුණායනුවෙන් අදහස් කරඇත්තේ සුමන සමන් දෙවියන්ගේ ආශ්‍රිර්වාදය මතම මෙය සාර්ථක කරගත යුතුයයන අදහස විය යුතුය.කරුණා සංතල්පය ගමනේ යෙදෙන හදුනන නොහදුනන සැමදෙනා අතර සුහධතාවය ඇති කරන බන්ධනයක් වැනිය.විශාල පිරිසක් පටු දුෂ්කර මාර්ගයක යන එන විට ගැටුම් ඇති විය හැකි වුවද මෙම කරුණා සංකල්පයෙන් එම තත්වය මගහරී යයි.සෙනග තදබද වු අවස්ථාවේ භාවිතා කරන "සංහිදේ"යන වචනයද "කරුණා යන්නට ම සමීප වන යෙදීමකි.ගමනටඉඩ ලබා ගැනීමට මෙම කාරුණික වචනය භාවිතා කළ විට අවසරය ඉබේම සැලසේ.කරුණා කිරීමේදීභාවිතා කරන බෝහෝ වචන අමුතු ස්වරූපයක් ගෙන ඇත.ලමන් බඩු බහාලන ඔලගුව"සැහැල්ලුව"යැයි යෙදීම කණ්ඩායමට "නඩය"යයි කීම ආදී වශයෙන් අමුතු භෂා සම්ප්‍රධායක්භාවිතා කිරීමද විශේෂ සිරිතකි.ඒ අතර ශ්‍රීපාද පද්මයට කරන ගෞරවයද නොයෙක් ආකාරයෙන් කීරීමට බැතිමතුන් පුරුදු වී තිබුණි.පද්යමට අගනා රෙදි හා ආභරණ පිදීම සිරිපතුල සීඹීම ,නළල පද්මයේ ඇතිල්ලීම පළවන විමලධර්මසුරිය රජතුමා විසින් රිදී කුඩ‍යකින් සිරි පතුල වැස්සවීම"විල්මට් හෝර්ටන්"නම් ආණ්ඩුකාර වරයා විසින් සිරිපතුල රිදී කඩුවකින් වැස්සවීම ආදී කරුණු වලින්පෙනීයන්නේ පද්මය අගනා දෙයකින් වැසීම සිරිතක් කර ගෙන තිබුණු බවයි.වන්දනා සමයෙහි අතරමග දන්සැල් පවැත්වීම ද සිරිතකි.තනි තනිව ගමන් කරන්නන්ට දන්සල බෙහෙවින් උපකාර‍වේ.බොහෝ නඩ ගසන ආරම්භයට පෙර සීතලට ‍ඔරොත්තු දෙන ආහාර වර්ග හා බෙහෙත් වර්ග දපිළියෙල කරගන්නා අතර සහල් පිටි වලින් තනා ගන්නා "අග්ගලා"අතව්‍යශ්‍ය දෙයක්වශයෙන්පිළීගැනේ.වෙහෙස නිවා ගැනීමට "තුන් සරණේ" කීමද විශේෂ සිරිතකි.'නඩේ ගුරා' එක් පදයක්කීවිට නඩේ පිරිස ද එය අනුකරණය කිරීම සම්ප්‍රධායකි.පෙර කල බොහෝ නඩ රෑ දහවල් දෙකේම දුරබැහැර සිට ම තුන් සරණේ කියමින් පා ගමනින් ම කරුණා කිරීම පුරුද්දක් කරගෙන තිබුණී.දැන් එමසිරිත නැත්තටම නැතිවී ගොස්ය.ගම්බද ඇතැම් අය හිමයේදී පමණක් කවි කීමට පෙළබෙති.කවිකීමේදී මළුවට නගින විට "වදින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි"කියා ආපසු බසින පිරිසසෙත් පතනවිට ,නගින පිරිසද "වැදලා බහින මේ නඩේට
සුමනසමන්දෙවිපිහිටයි"කියාපිළිතුරුආශිර්වාදයක්කිරීමද සිරිතකි.වන්දනා ගමනේදී මුණගැ‍සුණු අමුත්තන් සමග හොද හිත වැඩි දියුණු වීආවාහ විවාහ සිදුවීමද නිතර පාහේ සිදුවන්නකි.
02.සමන් දෙව් රුව වැඩමවීම
වන්දනා වාරය අරඹන විට ගල්පොත්තාවෙල විහාරස්ථානයේ සිට සමන් දෙව් රුව වැඩම වීම පෙර කල කර ඇත්තේරත්නපුර පලාබද්දල හරහා යෙදී ඇති රජ මාවත ඔස්සේය.වර්ථමානයේ සමන් දෙවි පෙර හැර පවත්වන්නේ රත්නපුර අවිස්සාවෙල්ල හරහා හැටන් මාවත ඔස්සේය.මෙම පෙරහරට මාර්ගය දෙපස සිටින්නන් වර්ෂයෙන් වර්ෂය වඩ වඩාත් උනන්දුවෙන් උපහාර කීරිමට පෙළඹී ඇත.පාන්දර සුභ මොහොතින් පෙරහර පිටත් වී පළමුව රත්නපුර සබරගමු මහ සමන් දේවාලයට පිවිසේ.‍එහිදී නියමිත වතාවත් කර මහ සගරුවන පිරිත් දෙසා අවසන් වු පසු යළිත් ගමන් අරඹෘ මග දෙපස සිටින ජනතාවගේ උපහාරය නිසා ප්‍රමාද වී නල්ලතන්නියට සම්ප්‍රාප්ත වන විට රාත්‍රී මධ්‍යම යාමයට සමීප වේ.අනතුරුව දෙව් රුව මළුවට වැඩමවා වන්දනා වාරය අරඹයි.වාරය අවසන් වී ආපසු වැඩම වන විට ද පෙර සේමඋපහාර මැද ගල්පොත්තාවෙල විහාරස්ථානයට ලගාවේ.සමන් දෙවිදු කෙරෙහි ඇති විශ්වාසය හා ගෞරවය ද අනුක්‍රමනයෙන් වැඩිවීමක් මිස අඩුවීමක් දක්නට නැත.
කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේසිට වර්ථමානය දක්වා ශ්‍රී පාදයේ නායක පදවියට පහත සදහන් නාහිමිවරුන් පත් වී ඇත.
01.මඩලම්මන තෙරුන් වහන්සේ(වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු කල සිට)
02.වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමි
03.වේහැල්ලේ ධම්මදින්න මාහාමි-1753-1775
04.කඹුරුපිටියේ සගිධර ගුණරතන නාහිමි-1775-1780
05.මාලිම්බඩ ධම්මධාර නාහිමි-1780-1786
06.කරතොට ශ්‍රී ධර්මාරාම නාහිමි
07.මොරතොට ධම්මක්ඛන්ධ නාහිමි
08.කොබ්බෑකඩුවේ ශ්‍රීනිවාස නාහිමි
09.දෙවැනි වැලිවිට සරණංකර නාහිමි
10.ගම්මුල්ලේ සුමන නාහිමි
11.ගාල්ලේ ශ්‍රී මේධංකර නාහිමි-1826-1836
12.ඉදුරුවේ සුමංගල මේධංකර නාහිමි
13.ගලගම අත්ථදස්සී නාහිමි-1836-1860
14.හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි-1860-1867
15.පරගල සෝභිත නාහිමි-1867-1911
16.රඹුක්පොත ශ්‍රී ප්‍රඥාසාර නාහිමි-1911-1913
17.මොරොන්තුඩුවේ ශ්‍රී ධම්මානන්ද නාහිමි-1913
18.බටුගෙදර යසස්සී නාහිමි
19.හදපාන්ගොඩ ශ්‍රී විමල නාහිමි-(වර්ථමාන)

1 comment:

සරත් ගුණතුංග said...

ඔබගේ සටහන් ඉතාමත් ආශාවෙන් මම කියවන්නෙ. ශ්‍රී පාදය ගැන ලියැවුනු සටහන ඉතාමත්ම හොඳයි. මම කිහිප සැරයක් කියෙව්ව. තව තවත් ලියන්න. තෙරුවන් සරණයි