Wednesday 28 January 2009

සබරගමුවේ ඓතිහාසික උරුමයන් හැදින්වීම

ඇටසැකිලි කැබැල්ලක සිට මාලිගයක් හෝ මනරම් පුජනීය ස්ථානයක් දක්වා එකිනෙකට වෙනස්වන
පුරා විද්‍යාත්මක මානව විද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකමින් යුත්ස්ථාන රාශියක් සබරගමුව සතු ව
ඇත.තව දුරටත් රටේ දක්නට නැති සිංහ ව්‍යාඝ්‍ර ආදී සතුන් මෙහි ජිවත් වු බවට පුරා විද්‍යාත්මක සාක්ෂි ද තිබේ .අවුරුදු තිස් දහසකට පෙරාතුව ජීවත් වු මානවයා ගැන තොරතුරැ ලැබෙන ගල්ලෙන් රාශියක්ම මෙහි ඇති අතර ඔවුන් ගේ නිර්මාන පිළිබද ව හොද උදාහරණද දක්නට හැකිය .මෙවන් වටිනා කමින් හා වැදගත් කමින් යුත් සබරගමුවේ ඓතිහාසික උරැමයන් ඔස්සේ විනිවිද දැකිය දේ බොහෝය.ලෝකයේ ප්‍රධාන ශිෂ්ථාචාර කීපය හැරුණු කොට අන් බොහෝ යුරෝපීය රටවල් "LONG LONG AGO" යි සදහන් කරන්නේ අවුරුදු දෙතුන් සීයක අතීතයක් ඇති ජනප්‍රවාද පිලිබදවයි. එනමුත් සබරගමුවේ අලට බුදුන් වහන්සේ වැඩි බවට ඈත අතීත කතා ඇත කුවේණි රැජිනියගේ දරැවන් හා සමිබන්ධ රාජ්‍ය.වර්ෂ පුර්ව . යුගයේ තොරතුරු ඇත දන්ත ධාතුව පැමීණිම පිළිබද ව අගනා සාක්ෂි හා පුරාවෘතද ඇත.සබරගමුවේ ඓතිහාසික ස්ථානවල වලින් මුල් තැන ආගමික සිද්ධස්ථාන වලට ලැබිය යුතුමය අදින් වසර දෙදහස් පන්සීය පනහකට ප්‍රථම බුදුන් වැඩි සමනොළ පව්වට අප අවධානය මුලින්ම යොමු වීම නොවැළැක්විය හැක්කකි එතැන් පටන් භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලා වැඩ සිටි ගල්ලෙන් හා ඒවා සම්බන්ධ වෙහෙර විහාර රත්නපුර කල්තොට ප්‍රදේශයේ සිට කෑගල්ලේ පහළ කඩුගන්නාව ප්‍රදේශය දක්වා ක්‍රමයෙන් වර්ධනය වු අන්දම වටහා ගත හැකිය.එම ස්ථාන අලවතුරේ ගනේගොඩ කුඩා ගල්ලෙන් විහාරයක පටන් කොට්ටිඹුල්වල හෝ යටිමල්කඩුව විහාර වැනි මහේශාක්‍ය ස්ථාන දක්වා උදාරත්වයෙන් පුළුල් වෙයි.බෞද්ධ වෙහෙර විහාර වලට අයත්ව අඩි තුන හතරේ තරමේ උසකින් ද අඩි දහයක පමණ වට ප්‍රමානයෙන් ද යුක්ත වු ඒවායේ සිට දැදිගම කොට වෙහෙර වැනි අඩි සිය ගණනක වට ප්‍රමාණය දක්වා වැටෙන දාගැබ් රාශියක් සබරගමුව පුරා පැතිර පවති.ඉහත කී කුඩා ම ස්ථුපයන් දක්නට ලැබෙනුයේ ලෙන් විහාර තුලය.ලෙනෙහි එක් පසකින් හිදි හෝ හිටි පිළිමයක් ද අනෙක් පසින් මෙකී කුඩා ස්ථුපයක්ද දක්නට තීබීම දකුණු ඉන්දියාවේ චෛත්‍ය ශාලා ක්‍රමයට හුරැ වුවක් යැයි සිතිම සාවද්‍යම නොවේ .නියමාකාර පුරාවිද්‍යාත්මක ගවේෂණයන්ට ලක්කර නොතීබීම නිසා මේ චෙත්‍යයන්හි කාල සීමාව පැහැදිලිවම කිව නොහැකි වුවත් සමහර ලෙන්වල ඇති බ්‍රාහ්මීය අක්ෂර රාජ්‍ය වර්ෂ මුල් යුගයන්ට වැටෙන නිසා ඒවාට ද ඊට කිට්ටු කාලසීමාවක් දීම සාධාරණය.ටැම්පිට විහාර බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයට සතර කෝරළය පැබුණු දායාදයක් ලෙස සැලකිය හැකිය ගලින් තැනුණු වේදිකාවක් මත ගල් ටැම් හෝ ගල් කුට්ටි සමාන්තර ව පිහිටුවා ඒ මත දැවයෙන් තනන විසල් රාමුවක් මත මේ දර්ශනීය බුදු මැදුරු තැනිණී . මේ සියල්ල අවුරුදු දෙදහස් තුන් සීයක් තිස්සේ ඉදිවු ඒවා වන අතර ඒවා සබරගමු පළාත පුරාම දක්නට තීබීම නිසා සබරගමුවේ ඉපැරණි ජනාවාස රටාව ආගමික ව්‍යාප්තිය කලාශිල්ප දියුණූව ඇතුළු කරුණු ගණනාවක් අපට කියා පායි.සබරගමු දේවාලයන්ට හිමිවන්නේ ද අද්වීතීය ස්ථානයකි.
අළුත් නුවර දැඩිමුන්ඩ දේවාලය

2 comments:

ගවේෂණ said...

maha saman dewalayath mama asa karana apooru thanak..
sthuthi may apooru satahan walata.
puravidyawa gana athi obe alma agaya karanawa.. :)

Damith Liyanage said...

සබරගමුවේ ඓතිහාසික උරුමයන් උරුමයන් පිළිබඳව ඔබගේ ඇති බහුශ්‍රතභාවය ඉතා අගය කොට සළකමි. මෙවන් තවත් වටිනා බොහෝ තොරතුරු අප වෙත ඉදිරිපත් කිරීම ගැන ස්තූතියි..!