Monday 12 January 2009

සිංහරාජයේ ඉතිහාසය

සිංහරාජයේ හරය සොයා බැලීමට පෙර අපේ සම්ප්‍රදාය විසින් අපට උගන්වා ඇති පරිදි මුලින්ම සිංහරාජයේ ඉතිහාසය සොයා බැලිය යුතුය.ඉතිහාසය වහකදුරු සේ සළකා ඉවත දැමීමට තරම් සිති පිත් නැත්තන්ට පවා කෙතරම් අමිහිරි උවද ලජ්ජා සහගත උවද ඉතිහාසයක් ඇති බව වටහා ගැනීමට එයත් රැකුලක් වේ නම් එයම සිංයරාජ ඉතිහාසය දැක්වීමට ගන්නා උත්සහය මල් පල ගැන්වීමක් වනු නියතය. සිංහරාජයේ ඉතිහාසය පටන් ගන්නේ කවදාද කෙසෙ‍්ද යනු කිසිවෙකුටත්කිව නොහැකි තරම්ය.එහෙත් සියලු විද්වතුන්ගේ ඒකමතික තිරණයක් වන්නේ ලොව බිහිවුයේ කවදා සිටද එදා සි‍ට මිහිපිට පවතින බවයි.එනම් වර්ෂ මිලියන ගනන් ඉපැරණි ඉතිහාසයක් ඊට‍ ඇත.අබට සිංහරාජය මහත් අභිමානයක් වී ඇත්තේ ද අන් බොහෝ දෙනාට නැති දීර්ඝ ඉතිහාසයක උරුමක්කාරයන් වශයෙන් ඉතිහාසයේ අගය දන්නා නිසාය. මේ දීර්ඝ ඉතිහාසය තුල සත්තව හා ශාක පරිනාමයෙහි ආරම්භක අවධීවල ඉතිහාස කථාව සැගවී ඇතැයි සනාථ කීරිමට සිංහරාජය පිළිබද පර්යේෂණ කිරීන විද්‍යාඥයින් විසින් සාදක සොයා ගනිමින් ඇත. එසේ සොයා ගනු ලබන දීර්ඝ කාළීන ඉතිහාස කථාව අනාවරනය කිරීමට පටන් ගත් කාළයේ සිට කතාන්තරය විමසා බලන අපට සිංහරාජය ගැන නුතනයේ ඇති වී ඇති උනන්දුව හා සැලකිල්ල ඊට යොමු වුයේ කවදා සිට කෙසේද යනු අවබෝධ කොට ගත හැකි වනු ඇත.

මෙරට ඉතිහාසයේ ආදිම යුගයේ සිට ලිඛිත සාධක අධ්‍යයන කල්හි සිංහරාජ ගැන කියවෙන තැන් නොමැති තරම් ය.එහෙත් ජනතාව එවැන්නක් පිළිබද නොදැන සිටි බවක් ඉන් අදහස් නොකෙරේ .සිංහරාජය යන නම ඊට උරුම වීම පිළිබද ඇති ජන ප්‍රවාද වුවද ඒ පිළිබද ජනතාව සතු ව තිබු අවබෝධය පිළිබිඹු කරනු ඇත.1873 තරම් ඈත කාලයක සිංහරාජ වනාන්තරයේ වැවිලි කර්මාන්තයට ඇති ඉඩකඩ සොයා බැලීමට ගිය "ජෙම්ස්ගන්" නැමැති ඉංග්‍රීසි ජාතිකයා ජනතාවගෙන් අසා දැනගත් ප්‍රවාදයක් ලෙස දක්වා ඇත්තේ එක්තරා රජ කුමරියක මෙම වනාන්තරයේ ජීවත් වු සිංහරාජයෙකු හා පෙම් බැදීමෙන් ජාතියේ ආරම්භයත් මෙහි දී සිදු වු බවකි. මෙය හුදෙක් විජය පරපුරේ ආරම්භය පිළීබද කතා පුවත යලි පණ ගැන්වීමක් පමණි.එහෙත් එහි වැදගත් කම වන්නේ අදාල ප්‍රවෘත්තියට සම්බන්ධ සිංහ රාජයෙකුගේ රාජධානියක් වීමට තරම් මහානුභාව සම්පන්න තැනක් ලෙස සිංහරාජය ඔවුන් දැන සිටි බවයි.දෙවැනි ප්‍රවාදය ජේ.ඒ. විලී පෙරේරා නැමැත්තෙකු විසින් 1943 පමණ දී ජනතාවගෙන් අසා දැන ගෙන "ලොරිස්" නම් සගරාවට ලියන ලද ලිපියකින් ප්‍රචලිත වුවකි. එම ප්‍රවාදය අනුව මෙම වනාන්තරයේ මහා තෙදබල ඇති සිංහරාජයෙකු විසීය.ඌගේ ගුහාව පැවතියේ අදත් සිංහගල නමින් හදුන්වන පර්වතය මුදුනේය.මිනිසුන්ට කෙතරම් බිය ගෙන දෙන සුළු වුවාදයත් ඌගේ තෙද බල පරාක්‍රමය ගැන දත් මිනිස්සු වනාන්තරය ඇතුලට නොගියහ.එහෙත් යම් කිසි අවස්ථාවක මිනිසුන්ගේ රැකවරණයට පැමිණි යෝධයෙකු විසින් ගල් ගසා සිංහයා මරා දමන ලදී.එදා යෝධයා විසින් සිංහයා මැරීමට ගල් ගැසු ස්ථානය අදත් "යෝධ ගල්ගොඩ"නමින් හැදින්වේ.මෙම කථා පුවත් දෙකටම සිංහයෙකු මුල් වී ඇත. පසු කාලීනව ආචාර්යය පී.ඊ.පී. දැරණීයගල ශූරීන් විසින් කරන ලද ප්‍රාග්ඓතිහාසික ගවේෂණවලින් ආදි කාලයෙහි මෙය සිංහයන්ගේ වාස භුමියක් වී තිබුණ බවට මත පල කොට තිබීමෙන් නමේ ප්‍රභවය ගැන මෙන්ම මහා හිමය පිළිබද ජනතාව තුළ තිබු දැනුම ගැන ද අපට සිතා ගත හැකි වනු ඇත.සිංහරාජය පිළිබද ඉතිහාසය විමසීමේ දී අපට හමුවන ප්‍රථම සටහන ඇත්තේ දහහතරවැනි සියවසට අයත් ඉබන් බතූතාගේ ගමන් විස්තරයේය.
01) සිංහරාජයේ වන සිවුපාවන් හා ස්වභාවික සුන්දරත්වය --->
ඊට අයිදැයි අප විසින් සැක දුරු කර ගත යුතුය. හෙළයේ අතීත පාළකයන්ගේ සිට පොදු ජනතාව දක්වා සියලු දෙනා ස්වභාවධර්මයාගේ දායාදයන් කෙතරම් ආදරයෙන් ඇල්මෙන් රැක බලා ගත්තාදැයි කිවහොත් සමහර වනාන්තර ගහ කොළ තහනම් දෑ බවට රජු විසින්ම ප්‍රකාශයට පත් කොට තිබුණු බවට ඉතිහාසයේ එයි.ඒ, ඒවායේ ආරක්ෂාව සදහාමය.1959 පළ කළ " ලංකා ඉතිහාසය'නම් කෘතියේ සදහන් මෙම පාඨය කදිම සාක්ෂියකි."පසුගිය වසර දෙදහසක කාළයක් තුළ වන දිවිය ආරක්ෂා කිරීමෙහි ලා අද්වීතිය ඉතිහාසයක් ලංකාවට ඇත. ක්‍රිස්තුපුර්ව තුන්වැනි සියවසයේ සිට ක්‍රි.ව.18වන සියවස දක්වාම සිහසුන අරාගත් බෞද්ධ වු පාලකයින් වනසතුන් පක්ෂීන් හා මත්ස්‍යයින් ආරක්ෂා කිරීම සිය ආගමික හා රාජකීයමය වගකීම ඉටුකිරීමක් ලෙස සැලකූ බව වංස කථා සය සෙල්ලිපි ගණනාවකම වාර්තා කොට ඇත.දොලොස්වන සියවසේදී අනුරාධපුර අවට ප්‍රදේශ හා සුවිශාල වැව් ද අභය භුමි ලෙස නම් කෙරෙණි.මේ වන දිවි සුරැකීමේ තැන කෙතරම් කාර්යක්ෂම හා යථාර්ථවාදී වුයේ ද යත් යුරෝපීයන්ගේ පැමිණිම දක්වා ම සිරිලක වන හා සත්ත්ව සම්පත විනාශයට ලක් නොවීය "(History of Ceylon,p 27)මේ අනුව ආරක්ෂිත වනාන්තරය අභය භූමිය ආදියේ කිසිදු මිනිස් ක්‍රියාකාරකම් නොසිදු වු බැවින් ඉතිහාසයේ කිසිවක් සදහන් කිරීමේ අවශ්‍යතාවක් පැන නොනැගුණ බව පෙනී යා යුතුය .සිංහරාජයද එවැන්නක් නොවී යයි කාට කිව හැකිද?













2 comments:

samba said...

බිෙලාග් සයිට් එක හරි වැදගත්
ස්තූතියි

ප්‍රදීප් said...

http://www.facebook.com/pages/%E0%B6%85%E0%B6%B4%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92-%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B6%BA-Ape-Sithuwili-Blog-Reader/253236181412398