Wednesday 7 January 2009

ජාතියේ චුඩාමාණික්‍යරත්නය ශ්‍රී පාදස්ථානය


ලෝකයේ උසම කන්දක් වශයෙන් හිමාලයට ප්‍රමුඛස්ථානයක් හිමි වේ.එහෙත් උසම කන්ද නොවුවත් සමන්ත කූටය බැතිමතුන්ගේත්,පරිසර වේදීන්ගේත් සෞන්දර්යකාමීන්ගේත් වැඩී අවධානයක්‍ යොමු වී ඇති වර්ෂයකට ලක්ෂ ගණනකගේ පාදස්පර්ශය ලබන ප්‍රධානතම කදුශීඛරය සිංහලයෝ ශ්‍රිපාදස්ථානය සමනළ කන්ද සමන්ත කූට සුමන කූට සමන් ගිර ආදී විවිධ නම් වලින් හදුන්වති. මෙහි ඇති විශේෂත්වය රටේ සිව් දෙස කොතනක සිටි බැලුවත් මෙම කදු ශිඛරය බලා ගත හැකිය. තවත් මේ ගැන අවධානය යොමුවන්නේ දිවයිනේ ප්‍රධාන ගංගා සතරේ උපත මේ කදු වැටිය ආශ්‍රයෙන් ඇති විමයි.වර්ෂයේ සෑම වකවානුවකම වර්ෂාව ලැබෙන රටේ මධ්‍ය කදුකරයෙහි මෙය පිහිටා තිබීම නිසා මුළු ‍රටටම ජලය ලබා දෙන පොකුනක් වශයෙන්ද සැලකිය හැක.කදු මුදුන තරනය කිරීම දුෂ්කර උවද ශිඛරයට නැගී පරිසරය නරඹන විට පෙනෙන සෞන්දර්යාත්මක දර්ශනය දහස් වරක් තරණය කලත් නොතිත් හැගීමක් ඇතිකිරීමට හා අගය වැඩීවීමට තවත් හේතුවකි. මෙම කදු ශ්‍රඛරය ඇතැමුන් තරණය කරන්නේ ඉර පායනවිට හා බැස යන විට අරුණෝදයේ දකින ඉර සේවය බැලිමටත් සන්ධ්‍යාවේ ක්ෂිතජයේ දකින සෞන්දර්ය බැලීමටත්ය.බෞද්ධයන්ට අවශ්‍යය වුයේ දුෂ්කර ගමනින් සම්බුදු සිරිපා නැමැද වැඩි පිනක් ලබා ගැනීමටය.මැණික් සම්පතේ උපතට බලපෑමක් ඇතැයි සලකන සමන් දෙවියන්ගේ වාසභූමිය මෙහි පිහිටීමද සමන් ගිරට අවධානය යොමු වීමට හේතුයකි. මේ සියලු කරුණු නිසා ශ්‍රී පාදස්ථානය ගෞරවයට පාත්‍රවී ඇති සපරගමුවේ අද්විතීය ස්ථානය බවට පත් වී ඇති බව පෙන්වා දිය හැක

මුල් යුගයෙහි බුදු රදුන් වෙනුවෙන් භාවිතා කළ සිරිපා සටහන 'පාද චේතිය 'වශයෙන්ද සමහර ලේඛණ වල සදහන්ව ඇත.එසේ සදහන් යන්නට ඇත්තේ සිරිපා සටහන පුජනීය වස්තුවක් ලෙස සැලකූනිසා විය හැක.මෙම පුජනීයත්වය වඩාත් තහවුරු වන්නට ඇත්තේ පාළි සුත්‍රාගත කරැණු නිසාද විය හැක.දීඝ නිකායේත් මහාවග්ග පාළියේත් මහාපදාන සුත්‍රයේත් බුදු රජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ ගැන සදහන් වන තැන 'සුප්පතිට්ඨීක පාදො'යයි පළමු මහා පුරුෂ ලක්ෂණයෙන් මනාව පිහිටි පාදය දක්වයි.එහිම දෙවැනි මහා පුරුෂ ලක්ෂණය ලෙස 'සෙට්ඨා පාද තලෙසු චක්කානි ජතානි' (යටිපතුලේ වක්‍ර ලක්ෂණය පිහිටා ඇත)යයි සදහන් වේ.පැරණි බොහෝ ග්‍රන්ථවල සිරිපතුලේ චක්‍ර ලක්ෂණය විස්තර කරමින් එහි වු 108 ප්‍රභේද සහිත මංගල ලක්ෂණ විස්තර කර ඇත.

1) ස්වස්තිකය
2) ශ්වේතොත්ඵල
3) රක්තොත්පල
4) ශ්වේතපද්ම
5)රක්ත පද්ම
6)පුර්ණ පාත්‍ර
7)පුර්ණ ගටය
8)නීලෝඵල
9)නදවට
10)පුන්කලස
11)වල්විදුනා
12)සොවැති
13)සිරිවස
14)පිල්කලජ
15)අවතංස
16)නළල්පට
17)හිමාලවනය
18)මගුල් තොරණ
19)මිණි තොරණ
20)මගුල් කඩුව
21) ප්‍රාසාදය
22)‍ කෙලාස කූටය
23) ශ්‍රවේතඡත්‍ර
24) සේ‍සත
25) ස්වර්ණ වාල විජිනි
26) තරාදිය
27) භද්‍රපිඨ
28) චාමර
29) ජම්බුද්දීප
30) පුර්ව විදේහ දිවයින
31) පශ්චිම දිවයින
32) උතුරු කුරු දිවයින
33) කිරි මුහුද
34) යුගන්ධර පර්වතය
35) සප්ත මහා සීදන්ත සාගරය-1
36) ඊශ්වර පර්වතය
37) සප්ත මහා සීදන්ත සාගරය-2
38) කුරවික පර්වතය
39) සප්ත මහා සීදන්ත සාගරය-3,
40) සුදර්ශන පර්වතය
41) සප්ත මහාසීදන්ත සාගරය-4
42) නෙමින්දර පර්වතය
43) සප්ත මහා සීදන්ත සාගරය-5
44) විනතක පර්වතය
45) සප්ත මහා සීදන්ත සාගරය-6
46) අශ්ව කර්ණ පර්වතය
47) සප්ත මහා සීදන්ත සාගරය
48) සුර්ය මණ්ඩලය
49) චන්ද්‍ර මණ්ඩලය
50) සුංසුමාර රාජයා
51) ධජ
52) ස්වර්ණ මත්ස්‍ය යුගල
53) පතාක
54)වඩමං
55) චක්‍රා යුධය
56) දක්ෂිණ වෘත ස්වේත සංඛ්‍ය
57) සපිරි වාර සප්ත රත්නයන්
58) ,59),60),61),62),63),64),65) චාතුර් මුඛ ස්වර්ණ නෞකා
66) කිම් පුර්ෂයා
67) කින්නරාංගනාව
68) චක්‍රවර්ති රාජයෝ
69) ස්වර්ණ හංස රාජයෝ
70) කුරවික රාජයා
71) ගරුඪ රාජයා
72) මයුර රාජයා
73) වාසුඛී නාග රාජයා
74) ස්වර්ණ මඛර රාජයා
75) සිංහ රාජයා
76) වෘෂභ රාජයා
77) ව්‍යාඝ්‍ර රාජයා
78) වලාහක අශ්ව රාජයා
79) ඓරාවන නම් හස්ති රාජයා
80) අනවතප්ත විල
81) ජද්දන්ත විල
82) කර්ණ මුණඩ විල
83) රථාකාර විල
84) සිංහ ප්‍රතාප විල
85) මන්දාකිණි විල
86) කුණාල විල
87) චාතුර් මහා රාජික දෙව්ලොව
88) තව්තිසා දෙව්ලොව
89) යාම දෙව්ලොව
90) තුසිත දෙව්ලොව
91) නිර්මානරති දෙව්ලොව
92) පරනිර්මිත වසවර්ති දෙව්ලොව
93) රූපාවචර බ්‍රහ්මෂද්‍ය නම් බඹලොව
‍94) බ්‍රහ්ම පුරෝහිත නම් බඹලොව
95) මහා බ්‍රහ්ම නම් බඹලොව
96) පරිත්තාභ නම් බඹලොව
97) අප්‍රමාණාභ නම් බඹලොව
98) ආභස්වර නම් බඹලොව
99) පරිත්ත ශුභ නම් බඹ ලොව
100) අප්‍රමාණ ශුභ නම් බඹලොව
101) ශුහකීනි නම් බඹලොව
102) වෙහප්පල නම් බඹලොව
103) අසඤ්ඤ සත්ත බඹලොව
104) අවිහ නම් බඹලොව
105) අතප්ප නම් බඹලොව
106) සුදස්ස නම් බඹලොව
107) සුදස්සී නම් බඹලොව
108) අකනිෂ්ඨක නම් බඹලොව''

,මේ ආදී වශයෙන් සිරිපතුලේ ලක්ෂණ 108ක් දක්වා ඇත..බුදු සිරිපතුලේ මෙබදු ලක්ෂණ පිහිටා තිබීම ම එය පුජනීයත්වයට පත් වන්නට හේතු වී ඇත.සමන් දෙවිදුන්ගේ අණසක යටතේ සමනළ අඩවිය පවතිනවාය,යන මතය බොදු බැතිමතුන් තුළ තහවුරු වී ඇති බැවින් සමන්ගිර තරණය සදහා සුවිශේෂ ‍පේවීමක් ද කරනු ලැබේ. මෙකි ලක්ෂණ සහිත සිරිපතුලක් බුරුමයේ මීටර්යක් පමණ දික් වු ගලක කොටා ඇති බව මෑතක දී ලියා පල කරන ලද ශ්‍රීපාදවංශය කැමැති කෘතියේ පළකර ඇත.ලක්දිව බොහෝ සිද්ධස්ථානවල සිරිපා සටහන නෙළා ඇත්තේ එහි ඇති පුජනීයත්වය නිසාම විය යුතුය.පැරණි නටබුන් අතර තීබී හමුවී ඇති සිරිපතුල් කිහිපයක් පිළිබදව පෙර දී ශ්‍රීපාද වංශ කතාවේ සදහන් වීඇත. එනම් යාපනයේ කන්ත රෝද ගම්මානය,අභයගිරි විහාර භුමිය, ජේතවන විහාර භූමිය,ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශය,සිතුල්පව්ව විහාරය,ත්‍රිකුණාමලයේ වෙල්ගමුව ආදී ස්ථාන වල තිබී ඇත.
ශ්‍රී පාද වන්දනාව සදහා සකසා ගෙන ඇති ගාථාව

" යංනම්මදාය නදියා පුලිනොව තීරෙ
යංසච්ච බද්ධ ගිරිකෙ සුමනාචලග්ගෙ
යංතත්ථ යෝනක පුරෙ මුනිනොච පාද
තංපාද ලාංජන මහං සිරසා නමාමි "
මෙම ගාථාවේ ද නර්මදා නදී තීරයේත්,සච්චබද්ධ පර්වතයේත්,සමන් ගිරේත්,යොන් රටේත්,මුනිසිරිපා සටහන්ව ඇති බව කියයි.
සමන්තකුට වර්ණනාවේ බුදරජාණන් වහන්සේ රහතුන් පන්සීයක් සමග සමන් ගිරට වැඩම කර වම් පා සටහන තැබු බව කියා ඇත. එහෙත් බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමන් ගැන කරුණු සදහන් වන සමන්ත ප්‍රාසිධිකාවේ හා දීප වංශයේ සුමන කූටයට බුදුන් වැඩ සිරිපා සටහන තැබු බවක් කියා නැත.මහාවංශාගත.කරුණු අනුව ඓතිහාසික සිද්ධි බොහොමයක් පිළිගන්නා නිසා යම් යම් පොත්වල සදහන් නොවු පමණින් සුමන කූටයට බුදුරජාණන් වහන්සේ නොවැඩි බවක් පිළිගැනීමට වුවමනාක් නොපෙනේ .ශ්‍රී පාදස්ථානයට ඇති බෞද්ධ අයිතිය පිළිබද විවාදයක් නොමැති බව පෙනේ.
















3 comments:

රසික වික්‍රමනායක said...

nice to see your blog sister. it gives lot of infomation about our provice. though i live in colombo, my home time is godakawela. keep posting.

Manoj colambage said...

ගෙඩක් වටිනා සටහනක්
මෙම ලිපිය ලිවීම සම්බන්ධයෙන් අපි ඔබට ස්තූතිවන්න වෙනවා.
බලන්ගොඩ ප්‍රදේශයේ තව වටිනා ස්ථාන රැසක් තියෙනවා.විශේෂයෙන් ප්‍රාග් අයිතිහාසික වටිනාකමක් තියෙන තැන් ගැන අපිට මේ වගේ විස්තර කරනවනම් දන්න නොදන්න හැමෝටම ගොඩක් වැදගත් වේවි.

HKS said...

ඉතාම වටිනා ලිපි පෙළක්..!
ඔබට හුඟක් පින් මෙම දැනුම අපට දුන්නාට..!
පුරා ව්ද්‍යාත්මක තැන් ගැනත් දාන්න. එය අපිට ඉතා වැදගත්...!