Monday 1 December 2008

දෙවන කොටස

බෙලිහුල්ඔය ස්වභාව සෞන්දර්ය පිළිබදව සදහන් කරන විට ලියන්නට බොහෝදෑ ඉතිරිව
ඇත.බෙලිහුල්ඔය ප්‍රදේශයේ සුන්දර ස්ථාන විශාල සංඛ්‍යාවක් ඇත. එවැනි ස්ථාන
අපට දැක ගත හැකි වන්නේ කලාතුරකිනි. මෙහි ඇති සුන්දර ස්ථාන පිලිබද දැන් අපි දැන ගනිමු.මෙහි සුන්දරත්වයට ඉවහල් වු ප්‍රධාන ස්ථානයන් කීපයකි
බෙලිහුල්ඔය
හිරිකටුඔය
දිය පහස සන්චාරක ගිමන් හල
නන්පෙරියල් හරහා ලෝකාන්තය
jungle Rest
Belihuloya Rest House
සමනල වැව
ලදු කැලෑ
රමණීය තුරැ ලතා වලින් පිරුණු කදු
වගාවන්
මේවාට අමතරව සුන්දර වු ස්ථාන රාශියක් මේ ප්‍රදේශයට පැමිනෙන කෙනෙකුට දැක ගත හැකිය.බෙලිහුල්ඔය සුන්දර වු ගල් අතරින් ගලා බසින්නේ සමනල වැව කරාය.එය අති රමණීය දසුනක් අප සිත්තුල මවයි.හිරිකටුඔය ද මෙවැනිම සුන්දර වු ස්ථානයකි.බෙලිහුල්ඔයට නුදුරින් පිහිටි මෙම ස්ථානය ඉතා රමණීය තැනකි.වැසි කාලයට වතුර ප්‍රමාණය අධික හෙයින් වැඩි සුන්දරත්වයක් ඇතිවෙයි.තවද බෙලිහුල්ඔය ආදේශ කරගනිමින් දිය පහස නමින් සංචාරක ගිමන් හලක් ස්ථාපනය කොට ඇත. මෙහිදී සංචාරකයන්ට ගිමන් හැරීමට හා ස්නානය කිරීමට තමන්ට හැකි පරිදි හැකියාව ඇත.ඒවගේම නන්පේරියල් හරහා යන කෙනෙකුට එහි ඇති සුන්දරත්වයද හැකි පරිදි දැක ගත හැකිය.නන්පේරියල් හරහා ලෝකාන්තයේද සංචාරය කිරීමට ඔබට හැකිය.නන්පේරියල් හරහා ලෝකාන්ථයේ යන ගමන ඉතා සුන්දරය.එවගේම හොටෙල් කර්මාන්තයටද මෙ ප්‍රදේශය ප්‍රසිද්ධත්වයක් උසුලයි.jungle Rest,belehuloya rest house වැනි සංචාරක නිකේතන කීපයක්ද ඇත. විදේස් සංචාරකයන්ගේ වැඩි කැමැත්තක් මේ ප්‍රසදේශයට දක්වයි.විශාල සංචාරකයින් පිරිසක්ද පැමිණෙයි.සංචාරක කර්මාන්තයේ දියුණුව ඇති වීමට නම් මෙවැනි ස්ථාන තිබීම ඉතා වැදගත්ය.
තවද ශ්‍රි ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය පිහිටා ඇත්තේද මේ සුන්දර වු ප්‍රදේශයේය. සබරගමුව විශ්ව විද්‍යාලය ගත් ඉතාමත් අලංකාර ස්වභා සෞන්දර්යෙන් අනුන විශ්ව විද්‍යාල අතරින් දෙවන තැන හිමි වන්නේ මෙම සබරගමුව විශ්ව විද්‍යාලයටයි. බෙලිහුල්ඔයට නුදුරින් පඔහින්න ප්‍රදේශයේ විශ්ව විද්‍යාලය පිහිටා ඇත.විශ්ව විද්‍යාලයකට අවශ්‍යය වන පහසුකම් මෙම විශ්ව විද්‍යාලය සතුව ඇත.නිදහසේ අධ්‍යාපන කටයුතු කර ගෙන යාමට හොදම තෝතැන්නකි මෙම විශ්ව විද්‍යාල‍ය.සංචාරක කර්මාන්ත‍යටද මෙම ප්‍රදේශය ප්‍රසිද්ධ ස්ථානයකි.මේ ප්‍රදේශය පිළිබද විශාල තොරතුරු ප්‍රමාණයක් ඇතත් ඒ ස්ථාන පිළිබදව පසුව දන්වන්නට සිතමි.

No comments: