Monday 1 December 2008

සබරගමුවේ දිය ඇලි

ස්වභාව ධර්මයා විසින් විශේෂ වරප්‍රසාද ලබාදි වැඩි ඇල්මකින් සැලකු භූමි ප්‍රදේශයක් ලෙස සබරගමුව සැලකිය හැක්කේ ඒ සතුව ඇති අන් අය සතුව නොමැති සුන්දරත්වයෙන් අනුව දුර්ලබ ගණයේ අතිශය වටිනා වස්තුන් රාශියම අවධානයට යොමු කල කල්හිය.ඒ අතුරින් සෞන්දර්යාත්මක අගයෙන් අද්විතිය වු දුටු දුටුවන්ගේ නෙත් පිත් වසග කරවන්නා වු එහෙත් ආර්ථීකමය වටිනාකම නොවටහා ගන්නා වු සුන්දර දිය ඇලි මුල් තැනක ලා සැලකිය හැකිය.

සබරගමුව මධ්‍ය කදුකරය ආශ්‍රය කොට ගෙන ඇති බැවින්ද සබරගමුව හතර වටේටම කදූ වලලු වලින් වට කොට ඇති බැවින්ද අධික වර්ෂාපතනයක් සහිත තෙත් කලාපීය ප්‍රදේශයක් වශයෙන් එහි නිරන්තරයෙන් ගලා හැලෙන ජල ධාරාවන්ගේ ප්‍රමානය ගණනය කිරීමට නොහැකි වීම එක් අතකට පුදුමයක් නොවේ ඒ සමග දිය ඇලි වශයෙන් ගණනය කරනු ලබන කඩාහැලෙන හෝ ඇද හැලෙන හෝ ගලා බසින දිය පහරවල් මොනවා දැයි නිශ්චිත ලෙස සම්මත නිර්වචනයක් හෝ ප්‍රමිති කරණයක් නොමැති වීමද දිය ඇලි සංඛ්‍යාව නිශ්චය කිරීමේ අපහසුව උග්‍ර කිරීමට හේතුවී ඇත‍.සබරගමුවේ දිය ඇලි සංඛ්‍යාව මෙපමණ යැයි ස්ථීර වශයෙන් කිව නොහැකිව ඇත.ඈත කදු වනාන්තර වල දැක ගැනීමට නොහැකි ලගා වීමට නොහැකි නිසා දිය ඇලි සියල්ලම ගැන සටහන් කිරීමට නොහැකිව ඇත.

මම මින් ඉදිරියට සබරගමුවේ සුන්දර දිය ඇලි එකින් එක පිළිබදව ඔබ වෙත ගෙන ඒමට අදහස් කරමි.

1 comment:

Anonymous said...

Very valuable information, specially for the photographers ... great if you put a picture or two..
Thanks

-TW