Thursday 4 December 2008

බෝපත්පිටිය දිය ඇල්ල(බෝපත් ඇල්ල)



රත්නපුර සිට කොළඹ ප්‍රධාන මාර්ගයේ අසලින් හිග්ගස්හේන කඩමන්ඩියෙන් හැරෙනදෙවිපහළ මාර්ගය ඔස්සේ කි.මි.4ක් ගමන් කළ පසු , මෙම දිය ඇල්ල හමුවේ.ප්‍රධානතම මාර්ගයක් ඔස්සේ අගනුවර සිට ඉතා පහසුවෙන් ළගා විය හැකි ස්ථානයකපිහිටිම ද මෙම දිය ඇල්ලේ ජනප්‍රියත්වයට හේතුවකි. අගලවත්ත ගමේ පිහිටි මෙම සුන්දර දිය ඇල්ල ‍උසින් අඩි 99ක් වන අතර පුජනීයශ්‍රී පාද කන්ද මුදුනේ සිට රමණීය වන පෙදෙස් මැදින් ගලා එයි.එය එරත්ත ගග වශයෙන් ගලා විත් කුඩා ගල් දෙබොක්කාවකින් 'බෝපත් සේ පහළට ඇදහැලෙනබැවින් ,මෙම දිය ඇල්ල බෝපත් ඇල්ල ලෙස ව්‍යවහාරයට පැමිණ ඇත.පසුවකුරැගග (කුරැවිට ගග) ලෙස කිරි ඇල්ල කුරැගම්මෝදරින් කළු ගගට වැටේ .මෙම දියඇල්ල අතීතයේදී ගැමියන්විසින්බෝපත්පිටියදිය ඇල්ල ලෙසද හදුන්වා ඇත.මේ දියඇල්ල පිළිබද ජනප්‍රවාද කීපයක්ම වෙයි.දැරණියගල සමන් දේවාලයේ සිට ඓතිහාසිකරත්නපුර මහ සමන් දේවාලයේ නානුමුර මංගල්‍යය සදහා ආභරණ ගෙන එන අතර දියස්නානය කළ ස්ථානයක් ලෙසත් සීතාවක මයා දුන්නේ රජු ජලස්නානය කළ ස්ථානයලෙසත් හැදින්වේ.හුදකළා බවින් මිදී ප්‍රකට සංචාරක ස්ථානයක් බවට පත්විමිත් සමග ‍බෝපත් ඇල්ල
තරැණ ජීවිත බිලිගන්නා ඛේදවාචකයක් බවට පත් වී තිබේ .ශ්‍රී ලංකාවේ දිය ඇලි අතරවැඩිම මිනිස් ජී‍විත ගණනක් බිලි ගෙන ඇති දිය ඇල්ල ලෙස ද මෙය ප්‍රසිද්ධය. අදමෙය නරඹන්නට පැමිණෙන්නන් ස්වභාවික වින්දනයට අමතරව විවිධාකාරයෙන් ඒඅවට පරිසරයට හානි කීරීම කනගාටුදායකය.

No comments: