Wednesday 3 December 2008

ඇල්ලෙපොල ඇල්ල

රත්නපුර-බලංගොඩ මාර්ගයේ ඇල්ලෙපොල ගම්මානයේ පිහිටා ඇති මනස්කාන්ත දිය ඇල්ලක්වන මෙය ගල්තලාවක් දිගේ කඩායමින් පහළට රූරා වැටෙන්නකි.දිගින් අඩි 60 ක් සහ පළල අඩි 4 ක් පමණ වේ.දිය ඇල්ල මහල් ‍දෙකකින් සමන්විතය.ඇල්ලෙපොල මහ විදූහල අබියස සිටද නැරඹිය හැකිය.නමුත් මෙහි සුන්දරත්වය මොනවට දක්නට නම් ඇල්ලෙපොල සිට ගවරන්හේන මාර්ගයේ වෙලගේ රාජ්‍ය වතුයායේ මදක් දූර යා යුතුය.දිය ඇල්ලට දකුණු දිශා භාගයේ සිටින්නෙකුට කිරිපාට පෙණ බුබුළු නන්වමින් ඇද හැලෙන දිය පහර චමත්කාර දර්ශනයක් ලෙස දැක ගත හැකි වනු ඇත.

No comments: