Wednesday 10 December 2008

දෙහෙන ඇල්ල.


රත්නපුර වේවැල්වත්ත මාර්ගයේ සැතපුම් 15 පමණ දුර ගමන් කළ විට මෙයපෙනේ.එමෙන්ම බලංගොඩ සිට වේවැල්වත්ත හරහා රත්නපුරයට පැමිණෙනවිටද මෙම දිය ඇල්ල දැක ගත හැකිය.මෙම දියඇල්ල පිහිටියේ පහල ගම සහඅමුණුතැන්න යන ගම් දෙකක මායිම තුළ වන අතර මෙම ඇල්ලේ ආරම්භයවශයෙන් සැලකිය හැක්කේ 'ගස් ලබු ඇල'නම් වු කුඩා දිය පහරකි.මෙයදෙහෙන කන්ද ගම හරහා ' දෙහෙන දොළ 'නමින් ගලාවිත් උඩ අමුණුතැන්නේ සිට පහළට ඇද හැලෙන අතර එය කොටස් දෙකකින් යුක්ත වේ.මෙමදිය ඇල්ල අඩි 243ක් පමණ වෙතැයි සැලකේ. මෙම ඇල්ල පෝෂණය කරීමටගලා එන කුඩු ඇල්ල දෙහෙන කන්දේ පෙරිය උඩගම සිට පටන් ගැනේ.දෙහෙනඇල්ල ලෙස නම් ලද ආකාරය මෙලෙස ජනප්‍රවාදගතයි.මේ ප්‍රදේශයේ ඈපා නම්තනතුර ලැබු පාලකයෙක් වැරදි කළ පුද්ගලයින් නීතියේ රැහැනට හසුකරවා ගෙනමෙම ඇල්ල පහළ පිහිටි ගල්තලාව මතට තල්ලු කල නිසා පසු කලෙක මෙමඇල්ල 'දෙහෙදු ඇල්ල' වශයෙන් නම් වී කාලයාගේ ඇවෑමෙන් දෙහෙන ඇල්ල
වශයෙන් නම් වු බවයි. ඒ වර්ෂා කාලයේ දී මෙම ඇල්ල පහළින් අඩි 25 ක් පම්ණ වන අතර වර්ෂාව අධික කාළ වලදී මෙම මාර්ගයේ වාහනයක් වත් ගමන් කිරීමට නොහැකි පරිදි ජලකද විශාල වේ.එසේම වර්ෂාව අඩු කාලවලදී අඩු වතුර පහරකින් යුක්ත වේ.මෙයට ප්‍රධාන හේතුව වන්නේ ඇල්ල අවට ප්‍රදේශයෙත් ඊට ඉහල ප්‍රදේශ වලත් සිදුවන දැව විනාශය බව සදහන් වේ.තේ වගාවද මෙම දිය ඇල්ලේ ජල ප්‍රමාණය අඩු වීමට බලපා ඇත.විදේශිකයෝ ඉතා කැමැත්තෙන් නරඹන මෙම දිය ඇල්ලේ වටිනාකම අවට පදිංචිකරුවන් විසින් තේරුම් නොගැනිම කනගාටුවට කරුණකි. මෙහි ජලය පල්ලන්දල නම් ස්ථානයෙන් බඹරබොටු ඔයට ද ඉන්පසු මල්වල ප්‍රදේශයෙන් කළු ගගට ද වැටී මහසයුර වෙත ගලා ‍යයි.

2 comments:

Dinusha said...

mamath me alla langi gihin thiyenawa. lassanay thamay. eth pic 1 thiyena thram nae.
mama me blog 1n godak de igena gaththa. sthuthiy

Chanaka De Silva said...

Very good thanks to ur blog i saw few waterfalls that i haven’t even heard of thanks again keep up the good work