Thursday 18 December 2008

සබරගමුව නාමය පිළිබදව විවිධ මත.

'සපරගමුව'හැදින්වීම සදහා 'සපරගමු',යන දෙවදන්ම අඩු වැඩි වශයෙන් පැරණි ලේඛණවල යෙදී ඇත.මේ ප්‍රදේශය හැදින්වීමට ඒ නම යෙදීමේ හේතුව වශයෙන් විවිධ මත ඇති වී තිබේ.එයින් ප්‍රධාන මත පහක් මෙහි ලා කෙටියෙන් දැක්වීම සුදුසු යැයි හැගේ.
1.'සබර යනු වැද්දන් උදෙසා යෙදෙන පදයකි.මේ ප්‍රදේශයේ බහුල වශයෙන් වාසය කළ වැසි ජනයා නිසා 'සබර ගමු'වීය.හය ම 'සපරගමු'ලෙස ව්‍යවහාර වීය,යනු මින් පළමුවන අදහස වේ.
2.අතීතයෙහි සිට මේ රට ග්‍රීක් රට සමග සම්බන්ධතා පැවැත්විණි.මේ නිසා,මේ ප්‍රදේශයේ බහුලව දක්නට ලැබෙන නිල්මැණික් හදුන්වන,ග්‍රීක භාෂාවේ සෆිරෝස් (sappheiros)යන වචනය අනුව 'නිල්මැණික් බහුල ‍පෙදෙස'යන අර්ථයෙන් 'සපරගමු'වීය,යනු දෙවන මතයයි.
3.මේ ප්‍රදේශයේ ජලාශවල 'පෙටියන්'(සඵර)බහුල වීම නිසා 'සපර'වීය යනු තෙවන මතයයි.
4.මේ ප්‍රදේශයේ වනාන්තර වල 'ලොත්'(සබර)ගස් බහුල වීම නිසා මේ නාමය වීය ,යනු සිව්වන මතයයි.
5.'සරබගමුව-සබරගමුව 'විය.'සරබ'යනු වෙළෙන්දෝය.මෙහි මැණික් වෙළෙන්දන්ගේ පැමිණීම නිතර සිදුවය.මේ නිසා මෙම නම විය.
මේ මතවාද විග්‍රහ කිරීම හෝ ඒවා සනාථ කිරීම හෝ අනාථ කිරීමට කරුණු දැක්වීම මෙහි ලා අදහස් කරණු නොලැබේ.

දුන්න දුනු ගමුවේ
ඊතල කිතල ගමුවේ
රාළ මී ගමුවේ
මුවෙක් විද්දයි සපර ගමුවේ

රත්නපුරේ තිරැවාණා කැටියේ දී
කැටන් දොළේ පැල් වාඩාය කොනේ දී
පතුල්පාන වැලිමලුවේ හෙළේ දී
ක‍තෙක් දුටිමි සන්නස්ගම වෙළේ දී

No comments: