Tuesday 2 December 2008
අලුපොත ඇල්ල
ඇල්ලක් නොවන ඇල්ලක් නමින් හැදින්වෙන මෙම දිය පහර ,රත්නපුර හංගමුවේ අලුපොත ගමේ පිහිටා ඇත.පැරැන්නෝ ඊට පැන්බර ඇල්ල හා රතඹර ඇල්ල යන නමින්ද භාවිතා කොට ඇත.අන් බොහෝ තැන්වල මෙන් මෙහිද ඇල්ල මැද පිහිටි දියලෙහි රන් ආදෙකු සිටිතැයි පවතින විශ්වාස මත වීම රතඹර ඇල්ල නම ලැබී ඇතැයි සැලකේ.දිය ඇල්ල යනු කන්දකින් කඩා හැලෙන දියදහරක් ලෙස සැලකුවද මෙහි ඇත්තේ ගල් තලාවක් දිගේ මනහරව අඩි 20ක් පමණ ගලා ගලා බසින දිය පහරක් වන අතර පැන්බර ඇල්ල යන නම ලැබුණේ ද ඒ නිසාම යයි සිතිය හැක. ගලා හැලෙන දිය පහර කැන්ද කොලයක හැඩය ගන්නා බැවින් මිට කැන්දපත් ඇල්ල යන නම භාවිතා වී ඇත.මෙම ඇල්ල පිළිබද ප්‍රවාධ මෙන්ම ඇදහිලිද අඩුවක් නැත.මෙහි සිටි තැයි අදහස් කරන ආදා රන් කරාබු පැළදි දේවතා රෑඩයකි.වතුර සිදී ගලා යන කාල වලට
මෙම ආදා සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී මිනිස් වේශයෙන් ඇල්ලේ ගමන් කරන බව විශ්වාශයයි. එසේ දර්ශනය වී දින ගනනකින් වර්ෂාව ඇද හැලෙන බව ඇදහු අතර ඒ මිනිස් රැව වෙනුවෙන් කිරිබත් ,කෙසෙල් දානය දීම.මිනිසුන්ගේ සිරිත වීලු.එවිට ලෙඩ දුක් වසන්ගත දුරුවන බවට ඔවුහු තදින් ඇද වුහ. එහෙත් දිනක් මල්වර වු ගැහැණියක මෙම වලට බැස කිළිටි සොදා හැරි බවත් එදා සිට ආදා අතුරුදහන් වු බවත් ගැමි විශ්වාසයයි.
Subscribe to:
Post Comments (Atom)
3 comments:
ඔබගේ සටහන් ඉතාමත්ම ආසවෙන් කියවන්නෙමි. බොහෝ තුති. මේ ආඳා ගැන කතාව ලංකාවෙ බොහොම තැන් වලින් කියවෙනව නේද ? මාවනැල්ලෙ අසුපිණි ඇල්ලෙ, අම්බලන්ගොඩ ආඳාදොළ, මම දන්න උදාහරණ කීපයක්. ඇත්තටම මෙහෙම සතෙක් ගැන ලංකාවෙ කීප තැනකින්ම ජනප්‍රවාද තියෙන්නෙ මොකක් හරි සත්‍ය කරුණක් නිසාද ?
පොඩි අදහසක් කියන්නම්:
ඔබ සටහන් කරන ස්ථාන වලට යන මග ටිකක් විස්තර කලොත් හොදයි නේද? (හැබැයි ඉතින් කැලෑ පාලු කරන, යන යන තැන පහරන සංචාරකයින් ඇවිත් මේ තැන් වල සුන්දරත්වය කාල දාවිද කියලත් හිතෙනවා)
මේ ස්ථාන වල චන්ද්‍රිකා ජායාරූ හෝ අක්ශාංශ දේශාංශ (Coordinates) Google Earth මගින් දැම්මොත් (KMZ file එකත් එක්කම)
ඉතාම අගනා ප්‍රයත්නයක්.. දිගටම ලියන්න සුබ පැතුම්
මම ඔයාගේ දියඇළි සටහන් බැළුවා.. ලස්සනයි... අර විලාසිතා බ්ලොග් සටහනත් ඔයාගේ නේද?
කොහොම උනත් අන්තිමටම ආදා නැති වුනු හේතුවටත් ගෑණියක් පලි වුනා නේද..හපොයි!
ආඳා කියන්නේ මිරිදඅය මත්‍ස්‍යයෙක්. සර්පයෙක් මෙන් දිගයි. උගේ මතුපිට ඉතා සෙවල සහිතයි. 'ආඳා මාළු ඉරටුවෙන් කන්නේ' ඒ නිසාය.
Post a Comment