Tuesday 9 December 2008

දියවිනි ඇල්ල

බලංගොඩ -වැලිගෙපොල දියවින්න ගම්මානයේ ශ්‍රී දේවගිරි රජ මහා විහාරයට නුදුරින් මෙම දිය ඇල්ල පිහිටා ඇත.කිරිමැටිතැන්නේ සිට සැම කුඩා ජල පාරක්ම එකතු වී දමහන හල් දොලට එකතුවන ජලයද ‍දෙහිපිටිය බෝවත්ත,‍බෝලමු‍රේ ආදි ගම්වල ඇති කුඩා ජලධාරාවන් සියල්ලද එකතුවී ,දියවිනි හෙ‍ළෙන් පහළට ඉන්නක් සේ එක එල්ලේ ගලා බසින නිසා දිය ඉන්න යැයි දුර අතීතයේ පටන් මෙම දිය ඇල්ලට ව්‍යවහාර කෙරේ. අඩි 200ක් පමණ උසින් යුතු මෙම දිය ඇල්ල තනි කෙළින් පහළට රූටා හැළෙන අතර ,මෙය සැතපුම් දෙක තුනක් ඇතට දිස්වෙන දුර්ලභ දර්ශනයකි. එමෙන්ම මෙම ජලධාරාවේ මැද කොටසේ පටන් පහළට ඇද හැලෙන්නේ දුවිලි ආකාර දසුනක් මවමිනි.ඊලගට එය කටුපත් ඔයට සම්බන්ධ වී අවසානයේ දී වලවේ ගග හා එක් වෙයි.මෙම දිය ඇල්ල මැද කොටා ඇතැයි කියවෙන නාග අක්ෂර ඉඩෝර කාලවල දී හොදින් පැහැදිලිව දැක ගත හැක. දියවින්න ප්‍රදේශයේ කෙත්වතු සදහා ජලය සැපයෙන්නේ දියවින්න ඇලෙනුයි.අක්කර අටක් පමණ විශාල වු වෑ කුඹුර වැව සදා තිබෙන්නේ දියවිනි ඇල්ලේ ජලයෙනි.පියන්ගිරියේ සිට දියඉන්න ගලා බසින ඔයේ බෑවුම් බොහෝ උස් තැනක දිග අඩි 128ක් ද පලළ අඩි 28ක්ද උස අඩි 50ක්ද පමණ විශාල ලෙනක් පිහිටා ඇති අතර මෙම ලෙනේ කටාරම් කොටා තිබේ.බලංගොඩ සිට වැලිපොත හරහා සැතපුම් 20ක් පමණ ඉදිරියට ගොස් මෙම දිය ඇල්ලට ලගා විය හැක. සොබාදහමින් මිහිකතට දායාද කල මෙම චමත්කාර දිය ඇල්ලෙන් ලැබෙන ජලධාරාවෙන් දියවින්න හා සදගිරිය ආදි ගම්වල විශාල ‍කෙත් යායවල් සරු සාර කෙරේ. මෙවැනි චමත්කාරජනක දිය ඇලි රැක ගැනීම අප හැම‍ගේම මහගු යුතුකමකි.

1 comment:

සජීව විජේවීර said...

ඔයාගේ උත්සාහය ඉතාමත්ම හොදයි. මේ ටික බලන කොට මට හිතුනා මම ගොඩක් වාසනාවන්තයි කියලා. ඔයා දාපු සියළුම දිය ඇලි වලට යන්න තරම් මම වාසනාවන්ත වෙලා තියෙනවා. සබරගමුවේ ගොඩක් දිය ඇලි වලට ගාල්ලේ ඉන්න මම ගිහින් තියෙනවා. හොදයි නේද වැඩේ. මේ ඔයාගේ උත්සාහයට අපි සුබ පතනවා. වැඩේ දිගටම කරගෙන යන්න.