Sunday 7 December 2008

දුවිලි ඇල්ල( කල්තොට,බලංගොඩ)

බලං‍ගොඩ කල්තොට මාර්ගයේ කිලෝ මිටර්25පමණ ගිය විට දුවිලි ඇල්ලට හැරෙන ස්ථානය හමුවේ.එතැන් සිට තවත් කිලෝ මිටර් කිපයක් ගිය විට දුවිලි ඇල්ල හමුවේ.

බලංගොඩ මැතිවරණ කොට්ටාශයේ බෙල්ලන්ගල රක්ෂිත මායිමේ වලවේ නදියට සම්බන්ධව දුවිලි ඇල්ල පිහිටා තිබේ.කල්තොට මාර්ගයේ බෙල්ලන්ගල ගමෙහි 16වන සැතපුම් කණුව අසලින් වමට හැරී සැතපුම් දෙක හමාරක් වන මැදින් ඇවිද ගොස් දුවිලි ඇල්ලට ලගා විය හැකිය.කල්තොට මැදබැද්ද මාර්ගයේ සිට ඉලුක්පැලැස්සට වම් පසින් ද මෙයට ප්‍රවිශ්ට වන මාර්ගයක් තිබේ. ඉසිර විසිර ගිය දුලි වලාවක් වාසිරෙන දිය බිදු හාත්පස පාවී යයි.සුර්ය රශ්මිය කිරණ මේ ජල දුවිලි වලාව හරහා යමින් මවන දේදුන්නඅතිශය චමත්කාරජනකය.ලංකාවේ ආදිතමයා ලෙස සැලකෙන බලංගොඩ මානවයා සොයා ගැනීම සිදුවුයේ මෙම දිය ඇල්ල ඇශ්‍රිත බෙල්ලන් බැදි පැලැස්ස ග්‍රාමයෙනි .ශ්‍රි ලංකාවේ දක්නට ලැබෙන දුවිලි ඇලි පහෙන් ප්‍රමුඛයා මෙම දුවිලි ඇල්ලයි.අලි දඩයමේ යමින් සිටි ඉංග්‍රිසි ආණ්ඩුකාර වරයෙකු මෙම දිය ඇල්ල සොයා ගෙන ඇති බව ද වාර්තා වේ.මෙම‍ දිය ඇල්ල සමන් දෙවින් විසින් මැව්වක් බව ගැමියෝ විශ්වාශ කරති.
දුරාතීතයේ විසු එක් රජ කුමරෙකු පරසතුරන් සමග යුධ වැදීමේ දී ඹහුගේ රන් ඇභරණ සගවා ගියේ ඇල්ලේ ගල් කුහරයක බව බවට ජනප්‍රවාධයේ පවතී.දිය ඇල්ල පතිත වන ගැඹුරැ ජලාවාටයේ රන්තෝඩු පැළදි ආදෙක් සහ රන් පුහුලක් ඇති බවටද ගැමියන් අතර විශ්වාසයක් ඇත. වලවේ ගගෙන් උපත ලබන මෙම දිය ඇල්ල උසින් අඩි 131කි.කදු බෑවුන් හා ප්‍රපාත වලින් ගහන මහ වන පෙතක පිහිටි දුවිලි ඇල්ල නැරඹිමට යාමේ දී ප්‍රවේශම් විය යුත්තේ වල් අලින්ගෙනි.පලා පෙලොගුන්ද මෙහි ඇත.දුවිලි ඇල්ල අවට ප්‍රදේශය සබරගමු පළාත් සභාව මගින් පරිසර සංරක්ෂණ කලාපයක් බවට ප්‍රකාශයට පත් කර ඇති අතර වන රක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ද ශ්‍රි ලංකා‍වේ ප්‍රථම ඹෟෂධ භූමිය ලෙස මෙහි අක්කර 300ක භූමියක් වෙන් කර ඇත.බෙල්ලන්ගල රක්ෂිතය මැදින් දුවිලි ඇල්ල වෙත යාමට වැටී ඇති මාර්ගය වාහන ගමන් කළ හැකි ලෙස සකසා ති‍බේ .
මෙහි අරළු,බුළු නෙල්ලි වැනි ඹෟෂධීය ගුණයෙන් පිරිපුන් ශාක ද සබරගමුවට ආවේණික 'ලෙත් ඩින්සාටේ 'සමනළ වර්ගයද 'ගැලොපර් ඩිකස් බයිකල් කරාටා 'නැමැති සත්ව විද්‍යාත්මක නාමයෙන් හදුන්වන,ශ්‍රී ලංකා‍වට ම පමණක් ආවේණීක හබන් කුකුලා ද මෙම පරිසරය තුළ දැක ගත හැක.

2 comments:

සරත් ගුණතුංග said...

ඔච්චර ලස්සන දිය ඇල්ලකට ඇයි දූවිලි ඇල්ල කියන්නෙ?

Chanaka De Silva said...

ඔබගේ උත්සාහය අගය කල යුතුයි, අපට මෙවායේ නම් ගැනත් විස්තර කිවුවොත් ඉතා අගෙයි.